ශ්‍රී ලංකාවේ ද ඇතුළුව ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්සැප්, මැසෙන්ජර් සමාජ ජාල දහස් ගණන් පරිශීලකයින් සඳහා අක්‍රිය වූ බව ඇනහිට තිබේ.
විවිධ රටවල ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳවැටී ඇති අතර පුද්ගලයින් 20,000 කට අධික සංඛ්‍යාවක් සිය ගැටලුව වාර්තා කර ඇත.
මේ අතර, සමාජ මාධ්‍ය ක්‍ෂණික පණිවුඩකරණ වේදිකාව වන WhatsApp ද පරිශීලකයින් 14,000 කට අධික සංඛ්‍යාවක් සඳහා ක්‍රියා විරහිත වූ බවට තහවුරු කර ඇත.
මැසෙන්ජර් පරිශීලකයින් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ක්‍රියා විරහිත වූ බවට වාර්තා කර ඇත.
එම සමාජ ජාල සියල්ල අයත් වන්නේ ෆේස්බුක් ඉන්කෝපරේෂන් සමාගමට ය.
මෙම බිඳවැටීම ලොව පුරා මිලියන ගණනින් පරිශීලකයින්ට බලපානු ඇතැයි විදෙස් වාර්තා පවසයි.
මෙම ඇනහිටීම සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය කළ විමසුමකට ෆේස්බුක් සමාගම ප්‍රතිචාර නොදැක්වූ බව එම පුවත් සේවය වාර්තා කරයි.







