අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනාගතයේ දි රට දුවනව ද නැද්ද කියලා තීන්දු කරන්නේ පිටරට සමාගම්! … අනුර කුමාර දිසානායක…

by editor
ඔක්තෝබර් 4, 2021
in පුවත්
Anura Dissanayaka
Share on FacebookShare on Twitter

ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ සියලු ක්ෂේත්‍ර ආවරණය කරන පරිදි රජය සතු ඒකාධිකාරී බලය තහවුරු කරන  1961 අංක 28 දරණ පනත හා භූමියේ සම්පත්වල අධිකාරී බලය තහවුරු කරන 2003 ඛනිජ තෙල් සම්පත් කැණීම් පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කර විදේශ සමාගම් වෙත එම සම්පත් විකුණා දැමීමට රජය කටයුතු කරගෙන යන ආකාරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද හෙළිදරවු කළේය.

මෙම තත්වය ඔහු විසින් මාධ්‍යයට පැහැදිලි කළේ අද ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉන්දියාවේ අයි.ඕ.සි සමාගම සමග බැඳුනු දශක දෙකක ගිවිසුම් කාලය නිමා වී 2023 දී ලංකාවට යළි හිමිවන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහිත ඉන්ධන සඳහා වූ පූර්ණ ඒකාධිකාරී බලය යළි සදාකාලිකව අහිමි කරගනිමින් පනත සංශෝධනය කිරීමටත්, 2003 ඛනිජ තෙල් සම්පත් කැණීම් පිළිබඳ අධිකාරි පනත සංශෝධනය සඳහා ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටත් රජය සූදානම් වන බව මෙහිදී මන්ත්‍රීවරයා කීවේය.

ඔහු වැඩිදුරටත් මෙසේත් ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ තෙල් ගෙන්වීම, පිරිපහදු කිරීම, මිශ්‍ර කිරීම සහ ගබඩා කිරීම වගේම බෙදා හැරීමත් 1961 අංක 28 දරණ පනත අනුව තෙල් සංස්ථාවේ ඒකාධිකාරයක්. තෙල් වෙළඳපොලේ අධිකාරීත්වය විදේශ සමාගම්වලට පවරා දෙනු ලැබුවහොත් රට දුවනවාද නතර කරනවාද යන්න පවා තීරණය කරන්නේ තෙල් සමාගම්.

නමුත් 2001 දෙසැම්බර් මාසයේදී විශේෂ විධිවිධාන පනතක් මගින් තෙල් ගෙන්වීම ගබඩා කිරීම සහ බෙදා හැරීම යන ක්ෂේත්‍ර පමණක් IOC සමාගමට අවුරුදු 20ක් සඳහා පවරා දුන්නා. එම බලපත්‍රය 2023 වෙනවිට අහෝසි වෙනවා. ඉන් පසුව තෙල් සම්බන්ධයෙන් ඒකාධිකාරය සම්පූර්ණයෙන් අපේ රටට අත්වෙනවා.

නමුත් දේශප්‍රේමී සළුපිළි පොරවා ගත් නායකයන් 1961 අංක 28 දරණ පනත සංශෝධනය කර අපේ රටේ තෙල් වෙළඳපොල විදේශ සමාගම් වෙත විවෘත කරන්න සූදානම් වෙනවා. ඒ අනුව පෙට්‍රල් ඩීසල් භූමිතෙල් හා දැවිතෙල් යන ඛනිජ තෙල් නිෂ්පාදන, විකල්ප ඉන්ධන ආනයනය, අපනයනය පිරිපහදු කිරීම, විකිණීම, සැපයීම, නිෂ්පාදනය, මිශ්‍රකිරීම හා බෙදාහැරීම සඳහා සුදුසුකම් ලබන පාර්ශවයන් වෙත ලබා දෙන්න යනවා.

ඛනිජ තෙල් වෙළඳපොල විවෘත කරන්න උදය ගම්මන්පිල ඛනිජ තෙල් ඇමතිවරයා සූදානම් වෙනවා. තෙල් වෙළඳපොලටත් විදේශීය සමාගම් කැඳවා ගැනීමේ වුවමනාව ඔවුන්ට තිබෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ මෙහෙයුම් බලය IOC ඇතුළු විවිධ විදේශීය සමාගම්වලට පවරා දෙන්න ක්‍රියාකරමින් තිබෙනවා. අපේ රටට ජාතික වශයෙන් වැදගත් ආර්ථික උපායමාර්ග වශයෙන් වැදගත් සම්පත් සියල්ල විදේශීය සමාගම් වෙත පැවරීමේ ප්‍රයත්නයක් තිබෙනවා.

මෙම මස 06 වෙනිදා අපේ රටේ තෙල් කැණීම් පිළිබඳව තිබෙන 2003 ඛනිජ තෙල් සම්පත් කැණීම් පිළිබඳ අධිකාරි පනත අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත අනුව තෙල් කැණීම, නිෂ්පාදනය කිරීම සහ සියළු පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් පවතින පනත අහෝසි කරන්න සූදානමක් තියෙනවා.

වෙන්දේසිකරුවන් කණ්ඩායමක් විසින් රටේ වැදගත්ම ආර්ථික මර්මස්ථාන විදේශ සමාගම් වෙත පවරනවා. තෙල් සංස්ථාව, වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ව්‍යාපාරවලට අපි අවධාරණය කරන්නේ තමන්ගේ ක්ෂේත්‍ර තුළ දියත් කර තිබෙන මෙම විනාශය වැළැක්වීම සඳහා එකට එකතුවිය යුතු බවයි.

දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ වෙනුවෙන් අපි අපේ මැදිහත්වීම කරන්න අපි සූදානම්. මේ විනාශකාරී ආර්ථික ගමන පරාජය කිරීම සඳහා එකතුවන ලෙස අප සියළුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඹන්පොල ග්‍රාමසේවක ඝාතනයේ සුල මුල හෙළි වේ… ගල්ගමුව දුම්රිය ස්ථානාධිපති අත්අඩංගුවට…

Next Post

ෆේස්බුක් සමාගමේ සමාජ ජාල 4ක් ඇනහිටී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.