බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙලිකොප්ටර් අනතුරින් දිවියට සමුදුන් ජෙනරාල් රාවට්…

by editor
දෙසැම්බර් 8, 2021
in පුවත්
bipin-rawath

bipin-rawath

Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඔහු ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටීමෙන් අද ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

ඔහු ගමන්ගත් හෙලිකොප්ටරය අද පෙරවරුවේ ඉන්දියාවේ තමිල්නාඩුවේ සුලුර් ගුමන් හමුදා කඳවුරෙන් පිටත්ව සුලු මොහොතකට පසුව කඩා වැටුනු අතර එම යානයේ ගමනාන්තය වූයේ උඩාගාමන්ඩලම් හී පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයයි.

මෙහිදී ජෙනරාල් රාවට් සමඟ ඔහුගේ බිරිද ඇතුලු තවත් දොලොස්දෙනෙකු සිට ඇති අතර අනතුරින් දිවි ගලවා ගැනීමට හැකිවූයේ ගුවන් හමුදාවේ ගෘප් කපිතාන් වරුන් සිං හට පමණි.
දිවි ගලවාගත් ගෘප් කපිතාන් සිං මේවන විට හමුදා රෝහලක දරුණු පිලිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ ශරීරයේ විශාල ප්‍රමාණයක් පිලිස්සී ඇති බවටද වාර්තාවේ.
මෙම අනතුරට පත් හෙලිකොප්ටරය රුසියාවේ නිෂ්පාදිත   හමුදා ප්‍රවාහන කටයුතු සඳහා ලොව පුරා යොදා ගන්නා නවීනතම හෙලිකොප්ටරයක් ලෙස සැලකේ.

මියයන විට 63 හැවරිදි වියේ පසුවූ ජෙනරල් රාවට් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූ පළමු ඉන්දීයානුවාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

හමුදා පවුලක 1958 දී උපත ලැබූ අතර ඔහුගේ පියා කීර්තිමත් යුද හමුදා නිලධරියෙකු වූ ලුතිනන් ජෙනරාල් ලක්ෂමන් රාවත්ය.

ජෙනරල් රාවට් 1978 වර්ෂයේ දෙසැම්බර් 16 වැනිදා යුධ නිලධාරියෙකු ලෙස ඉන්දීය යුද හමුදාවට එක්විය. එතැන්  ජෙනරාල් රාවට්ගේ යුධ හමුදා දිවිය දශක හතරක් තරම් දිගු වන අතර ඉන්දීයාවේ යුධ නාවික සහ ගුවන් යන සියලුම ආරක්ෂ සේනා වලට අණදීමට හැකියාව ලැබූ පළමු හමුදා නිලධාරියාද ඔහුය.

ඔහු 2016 වර්ෂයේදී ඉන්දියාවේ 27වන හමුදා ප්‍රධානියා ලෙස පත්වන අතර එම පත්වීම එවකට එක්තරා ආකාරයක ආන්දෝලනාත්මක පත්කිරීමක් විය. ඊට හේතුවූයේ ජෙනරාල් රාවට්ට වඩා ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු අභිභවා හමුදා ප්‍රධානියා බවට පත්කළ නිසාවෙනි.

පසුව 2019 වර්ෂයේදී ඉන්දීය ඉතිහාසය වෙනස් කරමින් පළමු ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානිය ලෙස පත්වුයේදී මදක් ආන්දොලනාත්මක තත්ත්වයක් ඇති කරමින්ය. ඊට හේතු වූයේ එම පත් කිරීම එතෙක් ඉන්දියාවේ පැවති යුධ හමුදා නීතින් වෙනස් කරමින් හමුදා නිලධාරියෙකුට සේවයේ යෙදිය හැකි උපරිම වයස් සීමාව වූ අවුරුදු 62 අවුරුදු 65 දක්වා වෙනස් කිරීම හේතුවෙනි.

ජෙනරල් රාවට් ඉන්දියාවේ ඊසාන ප්‍රදේශවල ක්‍රියාත්මක වූ ත්‍රස්ත ක්‍රියාවන් ඉතා සාර්ථකව අවම කිරීමට සමත්වූ අතර 2015 වර්ෂයේදී දේශ සීමා පසුකරමින් මියන්මරායට ඇතුලු වී සාර්ථකව ත්‍රස්ත කණ්ඩායම් මෙල්ල කළ මෙහෙයුම් වලටද අණදෙනු ලැබීය.

ඊට අමතරව 2016 වර්ෂයේදී පාකිස්ථාන පාලනයේ පැවති කාශ්මීර ප්‍රදේශය රහසිගතව ඇතුලුව ත්‍රස්ත ඉලක්ක විනාශ කිරීමට සමත්වූ මෙහෙයුමටද නායකත්වය දෙනු ලැබීය.

මෙම මෙහෙයුම ඉන්දීය මෙන්ම ලෝක යුධ ඉතිහාසයේදී සුවිශේෂී හමුදා මෙහෙයුමක් ලෙස සැලකෙයි. සතුරු බලප්‍රදේශයේ ඉලක්ක සියල්ල විනාශ කර තම හමුදාවන්ට කිසිදු හානියක් නොවී යලිත් පැමිණීමට හැකිවූ විරල මෙහෙයුමක් ලෙස යුද ඉතිහාසයට එම මෙහෙයුම එක්වේ.

ජෙනරල් රාවට් ඉතා ඉහළ කඳු මුදුන්වල කෙරෙන සටන් පිළිබඳ විශේෂඥයෙකු වන අතර ඔහු උතුරු ඉන්දියාවේ ඉතා දුෂ්කර කඳු මුදුන් වල කෙරුණු යුද මෙහෙයුම් වලට නායකත්වය ලබා දුන් සුවිශේෂි හමුදා නිලධාරියෙකි.

ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් වලටද එක්ව ඇති අතර එහදී කොන්ගෝ ජනරජයේ ක්‍රියාත්මක වූ සාම සාධක හමුදා මෙහෙයුම් වලට නායකත්වය දී ඇත.

ජෙනරල් රාවට් සිය සේවය වෙනුවෙන් පදක්කම් රැසකින් පිදුම් ලබා ඇති අතර ඉන්දීය යුද හමුදාවේ සේවය කළ සුවිශේෂී නිලධාරියෙකු ලෙස ඉතිහාස ගතවනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොරෝනා අසාදිතයෙකුගේ අශ්‍රීතයකුව සිටියදී නයිට් ක්ලබ් ගිය ෆින්ලන්ත අග්‍රමාත්‍යවරිය

Next Post

රොසැල්ලේ දුම්රිය අනතුරින් මිය ගිය තිදෙනා සිය දිවි හානිකරගත් හැටි හෙළි වේ !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.