සූරියවැව නුවන් ජයසේකර –
මාතර සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක් හුංගම වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් ඊයේ(08)පෙරවරුවේ සිදු වූ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හුංගම පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇති 12 අතරින් තිදෙනෙකුගේ තත්වය බරපතළ බවයි රෝහල් ආරංච්මාර්ග පැවසුවේ.
පුද්ගලික බස් රථය අධික වේගයෙන් මාතර දෙසට ගමන් කරමින් සිට ඇති අතර බස් රථයට ඉදිරියෙන් තංගල්ල සිට රන්න දෙසට ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් වාඩිගල ඉන්ධන පිරූම් හලට හැරවීමට යාමේදී පසුපසින් පැමිණ ඇති බස් රථයේ රිදුරට බස් රථයේ පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අපරික්ෂාකාරී ලෙස රිය පදවමින් අනතුරක් සිදුකිරීමේ වරදට බස් රථයේ රියදුරු හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසියේ වැඩි දුර පරීක්ෂණත්වයි.







