හුංගම දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ ඝාතකයා බෝර 12 ගිනි අවියත් සමග පැමිණ හුංගම පොලිසියට භාර වී තිබේ.
මිනී මැරුම සිදු වී ඇත්තේ අද (02) දහවල් හුංගම පොලිස් වසමේ ගංගම පට්ටනියාය ප්‍රදේශදීය.
ඝාතනය වී ඇත්තේ පිට්ටනියාය පිංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනයට හේතුව පුද්ගලික කෝන්තරයක් බව පොලිසිය පවසයි.
ඝාතකයා පිංගම ප්‍රදේශයේ 41 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව සහිතව ඇත. හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.








