දිනසේන රතුගමගේ
යාපනයේ වේලනෙයි මධ්‍ය විද්‍යාලයට හින්දු ආගමේ නොවන පුද්ගලයකු විදුහල්පතිවරයා වශයෙන් පත් කිරීමට එරෙහිව පාසල් සිසුන් හා ගුරුවරු පිරිසක් 25 දා එම පාසල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවැත්වූහ.
මෙම උද්ඝෝෂණයට සහභාගී නොවූ ගුරුවරුන් කීප දෙනෙකු එය කඩා කප්පල් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී එම ගුරුවරු හා සිසුන් අතර ගැටුම්කාරී තත්ත්වයක්ද හටගෙන ඇත.
මේ පාසලේ විදුහල්පතිවරයා විශ්‍රාම යාමෙන් පසුව පාසලට පත් කෙරෙන නව විදුහල්පතිවරයා හින්දු ආගමිකයෙකු විය යුතු බවට ප්‍රබල ඉල්ලීමක් සිසුන්ගෙන් හා දෙමව්පියන්ගෙන් ඉදිරිපත්ව තිබියදී වෙනත් ආගමකට අයත් පුද්ගලයෙකු විදුහල්පතිවරයා වශයෙන් පත් කිරීම නිසා මෙම විරෝධතාවය ගොඩ නැගී තිබේ.
පාසල තුළ පවතින දැඩි නොසන්සුන් වාතාවරණය නිසා පාසලේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවේදී සිසුන් මෙම උද්ඝෝෂණය ආරම්භ කළ අතර එම උද්ගෝෂණයෙන් පසුව පාසලේ නොසන්සුන්කාරී තත්ත්වය තවත් වැඩි වී තිබේ.







