නීති විරෝධී ගිනි අවි සමග අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රී සංජය සිරිවර්ධන හෙට අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විමර්ශන අංශ පවසයි.
අත්තනගල්ල වැලිකඩමුල්ල පෙතියාකන්ද ප්රදේශයේ සංජය සිරිවර්ධනට අයත් අක්කර 25ක පොල්වත්තක වළදමා තිබූ ටී 56 ගිනි අවියක් මැගසින් 02ක්, උණ්ඩ 130ක් ස බෝර 12 ගනි අවියක් සහ ඊට යොදන උණ්ඩ 06ක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගනු ලැබුවේ අද (11) පෙරවරුවේය. මෙම මෙහෙයුමට විශේෂ කාර්ය බලකාය ද එක් වී සිටියේය.
ලැබෙන විශ්වාසනීය තොරතුරු අනුව තවත් ටී 56 ගිනි අවි 04ක් සහ ජීව අත් බෝම්බ කීපයක් ද එම ඉඩමේ සඟවා ඇති බව විමර්ශන අංශ කියයි. ඒ සම්බන්ධව ද විමර්ශන කටයුතු කරගෙන යන බව පොලිසිය පවසයි.







