බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු පොලිස්පති බාලසූරිය සහ හිටපු මන්ත්‍රී රංගා එක්ව කළ කුපාඩිකමට අවුරුදු 11ට පසු පොලිසියේ 02කගේ වැඩ තහනම්!

by editor
දෙසැම්බර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී රංගා   පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියදී ඔහු විසින් පදවාගෙන ගිය මෝටර් රථයක් සෙට්ටිකුලම රෝහල අසල ගසක හැපී අනතුරට ලක්ව මෝටර් රථයේ සිටි ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙක් මිය යාමෙන් පසු, එවකට පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරියගේ නියමයෙන් මෝටර් රථය පදවනු ලැබුවේ එකී මිය ගිය පොලිස් නිලධාරියා බවට වාර්තා සකස් කර අසත්‍ය ප්‍රකාශයක් අධිකරණයට වාර්තා කිරීමට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් එම සිදුවීමෙන් වසර 11කට පසු ප්‍රධාන පොලිස් පරීකෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස්පති නියමයෙන් මෙම නිලධාරීන්ගේ වැඩතහනම කර ඇත්තේ පෙරේදා (29)ය.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ මෙම අනතුර සිදුවන විට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි අවිස්සාවේල්ල පොලීසියේ අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව සහ මේ වන විට මඩකලපුව පොලිස් ස්ථානයට අනුයුක්තය සේවයේ නිරතව සිටින පොලිස් සැරයන් ප්‍රියදර්ශන හේරත් නැමැති නිලධාරීන්ගේය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මෙම නිලධාරීන්ගේ වැඩ තහනමට ලක්වන මෙම කුප්‍රකට රිය අනතුර සිදුවන්නේ  2011 වසරේ මාර්තු 30 වෙනිදාය. එහිදී ශ්‍රී රංගා මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් පුෂ්ප කුමාර (36759) මිය ගියේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ශ්‍රී රංගා විසින් පදවාගෙන පැමිණ අනතුරට ලක්කළ මෝටර් රථය පදවනු ලැබුවේ රංගා නොව,  මිය ගිය නිලධාරියා බවට අනතුරින් පසු ව්‍යාජ සාක්ෂි සැකසිනි.

මේ සම්බන්ධයෙන් මිය ගිය පොලිස් සැරයන්වරයාගේ බිරිය විසින් එන්.කේ. ඉලංගකෝන්  පොලිස්පතිවරයාව සිටියදී පැමිණිල්ලකර කර තිබුණි. ඒ අනුව සිදුකල විමර්ශනයේදී අනාවරණය වන්නේ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ බලපෑම් මත එම අනතුර සම්බන්ධයෙන් සාක්ෂි වෙනස්කරමින් රියදුරු ලෙස මිය ගිය නිලධාරියාව ඉදිරිපත් කර ඇති බවය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් කළ විමර්ශනයේදී අනාවරණය වන්නේ මෙම අනතුර සිදුවන විට පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය විසින් කළ දැනුම් දීමකට අනුව මිය ගිය නිලධාරියා රියදුරු ලෙස පොලිස් පොත්වල සටහන් තබා ඇති බවය.

ඊට එවකට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි රොෂාන් සංජීව සිය විරෝධය දක්වා ඇති බවද හෙළි වී තිබිණි.  එහිදී එවකට පොලිස්පති මහින්ද බාලසූරිය විසින් සෙට්ටිකුලම ස්ථානාධිපතිවරයා කොළඹට කැදවා ඒ අතරතුර  වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා මගින් අනතුර සිදුවන විට රියදුරු ලෙස කටයුතුකර ඇත්තේ මිය ගිය සැරයන්වරයා බවට පොලිස් පොත්පත්ද වෙනස්කර තිබුණු බව අනාවරණය වී තිබුණි.

එහෙත් ඒ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රොෂාන් සංජීව සේවයේ නිරතව සිටීම හේතුවෙන් ඔහුටද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඔහු පොලිස්පති නියමයෙන් කොළඹට කැඳවූ අතරතුර වෙනස් කළ සාක්ෂි සටහන් පසුව බී. වාර්තාවක් මගින් අධිකරණයට වාර්තාකර කර තිබීම සම්බන්ධව චෝදනා සෙට්ටිකුලම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ උසාවියට සිදුවීම වාර්තා කළ සැරයන්වරයාට එල්ල විය. මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් වන්නේ ඒ හේතුවෙනි.

අසත්‍ය ප්‍රකාශ අධිකාරණයට වාර්තා කිරීම සහ ඊට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් වව්නියාව මහාධිකරණයේ මෙම නිලධාරීන්ට එරෙහිව නඩුවක් ගොනුකර ඇති බැවින් මෙසේ ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මින් පෙර විශේෂ විමර්ශන ඒකකය විසින් කළ පරීක්ෂණ ගොනු නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව 2019 වසරේදී නීතිපති උපදෙසින් ලබාදී ඇත්තේ 2011 වරේ මාර්තු 30 වෙනිදා මෙම අනතුර සිදුවන විට වව්නියාව කොට්ඨාශයභාරව සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාවත්, සෙට්ටිකුලම පොලීසිය භාරව ක්‍රියාකළ සහකාර පොලිස් අධිකාරීවරයාවත්, එවකට සෙට්ටිකුලම පොලීසියේ සිටි ස්ථානාධිපතිවරයාවත් ශ්‍රී රංගා ත් ඇතුළුව සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව මෙම සැකකරුවන් 06 දෙනා අධිකරණයට ඉදිරිපත් වූ අතර ඔවුන් මේ වන විට සිටින්නේ ඇප මතය.

මෙම සාක්ෂි වනෙස් කිරීමේ සිද්ධියට විරෝධය පෑ නමුත් පොලිස්පතිවරයාගේ බලපෑම මත සිදුවූ අකටයුත්තට වැඩ තහනමින් වන්දි ගෙවීමට සිදුවූ පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව දක්ෂ නිලධාරියෙක් බව පොලිස් දෙපාර්තමේන්තුව කියයි. පොලිස් ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි සෑම පොලිස් ස්ථානයක්ම හොඳම පොලිස් ස්ථානයක් කර සම්මානයට පත් නිලධාරියෙක් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ණය බර දරාගත නොහැකි නාල්ලේ තරුණ මවක් දරු දෙදෙනාට වස පොවා තමනුත් වස බීලා…

Next Post

චීන ජාතිකයින් නේපාලයේ සිදුකළ මිනිස් ජාවාරම

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.