ජපානයේ හිටපු ජනාධිපති ශින්ෂෝ අබේ ඝාතනය කළ වෙඩ්ක්කරුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට එරට පොලිසිය සමත්ව තිබේ.
මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට ජපාන පොලිස් බලධාරීන් සමත්විය. පොලිසිය පවසන අන්දමට වෙඩි තැබීම කර ඇත්තේ වයස අවුරුදු 41ක පුද්ගලයකු වන අතර ඔහු වෙඩි තැබීමෙන් අනතුරුව එම ස්ථානනේ පලා යෑමට උත්සහකර නොමැත.
එම පුද්ගලයා විසින්ම සැකසූ ගිනි අවියක් මෙම වෙඩි තැබීමට යොදාගෙන ඇති බවද එරට පොලිසිය විසින් පවසයි. එරට මාධ්‍ය වාර්තාවලට අනුව වෙඩි තැබූ පුද්ගලයට පවසා ඇත්තේ තමන් හිටපු අග්‍රාමත්‍යවරයා අකැමති බැවින් මෙලෙස වෙඩි තැබීම සිදුකල බවයි.
අද පෙරවරුවේ ජපානයේ නාරා ප්‍රදේශයේ දේශපාලන රැලියක් අමතමින් සිටියදී හිටපු අග්‍රාමත්‍යවරයා මෙම වෙඩි ප්‍රහාරයකට ලක්විය. වෙඩි ප්‍රහාරයෙන් අබේගේල බෙල්ලට දැඩි තුවාල සිදුවිය. පසුුව ඔහුව ගිලන් රථයකින්ද ඉන් අනතුරුව සහ ගුවන් මගින් රෝහලට වෙත රැගෙන යනු ලැබීය.
වෙඩි ප්‍රහාරයෙන් ඇති වූ තුවාල අබේගේ හෘදය දක්වා විහිදි ගොස්ව තිබූ බවට පසුව රොහල් බලධාරීන් විසින් පැවැත්වූ ප්‍රවෘත්ත සාකච්ඡාවකදී අනාවරණය විය. හිටපු අග්‍රමාත්‍යවරයාගේ ජීවිතයත ආරක්ෂා කිරීමට විසි දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් උතසහ කර ඇත.
එහෙත් පැය හතරකට අධික කාලයක් දැඩි ප්‍රයත්නයක් දැරීමෙන් අනතුරුවද අබේගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී නොමැත.
හිටපු අග්‍රමාත්‍යවරයා ජපානයේ වැඩිම කාලයක් අග්‍රමාත්‍යධුරය දැරූ පුද්ගලයා බවට පත්වන අතර ඔහු 2012 සියට 2020 දක්වා එම ධුරයේ කටයුතු කළේය. ඔහු ජපාන ප්‍රබල දේශපාල පවුලකින් පැවත එන අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුම එරට අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කර තිබීමද විශේෂත්වයක්.







