අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත් කරන රුසියානු යානයේ හුටපටය මොකක් ද?

by editor
ජූනි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • රුසියානු යානය ආවෙ ආණ්ඩුව දුන් සහතිකය නිසා… ඒ සහතිකය ලබා දී තිබෙන්නෙ නීතිපතිවරයාවත් දැනුම්වත් නොකර…   මේ රඳවා ගැනීමෙන් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා යයි!  රුසියාවේ හිටපු තතානාපති උදයාංග වීරතුංග කතා කරයි…

රුසියානු ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අධිකරණ නියෝගයක් මත මෙරට රඳවාගෙන ඇත්තේ ශ්‍රි ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය රුසියාවේ සිට මෙරටට පැමිණෙන කිසිදු ගුවන් යානයක් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට රුසියානු රජයට ලිඛිත සහතිකයක් ලබා දී තිබියදී බවත් මෙම තත්ත්වය මත දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සබඳතා පළුදුවීමට පවා ඉඩක් ඇති බවත් රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයාංග වීරතුංග  පවසයි.

ලංකාසරට අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙම ගුවන් සේවයට සිය ගුවන් ගමන් අත්හිටුවීමත් සමඟ රුසියානු සංචාරකයන් ශ්‍රි ලංකාවට පැමිණිම අඩු වන අතර එමඟින් සංචාරක කර්මන්තයටද අහිතකර බලපෑමක් එල්ල වීම වැළැක්විය නොහැකි බවය.

මෙම ගුවන් සේවය ශ්‍රි ලංකාවට ගෙන්වීමට මැදිහත්වීම කළ   පුද්ගලයකු ලෙස උදයාංග වීරතුංගගේ අදහස් විමසූ කල ඔහු සඳහන් කළේ  එරෝෆ්ලොට් ගුවන් සමාගමට එරෙහිව යුරෝපීය රටවල් සහ සමාගම් විසින් සිදු කරනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මෙරට දී එම යානය අධිකරණ නියෝගක් මත රැඳවීමට ලක් වූ  බවය.

ඒ පිළිබඳව ඔහු මෙසේ පැහැදිළි කළේය.

“ රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමඟ  යුරෝපීය රටවල ගුවන් තොටුපළවලින්  රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානාවලට තහංචි පනවා තිබෙනවා. ඊට අමතරව මේ වනවිට රුසියානු ගුවන් සේවයට අයත් යානාවලින් බොහෝමයක් යුරෝපිය රටවල සමාගම්වල හිමිකාරීත්වය ඇති කල් බදු පදනම මත ලබා ගත් ගුවන් යානා. මෙම යානාවලට ඔවුන් කල් බදු වාරික ගෙවමින්  අදාළ සේවා පවත්වන්නට ගිවිසුම් ගත වී සිටිනවා. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රඳවා ගැනීමෙන් පසු යානයෙන් බැස එන මගීන්…

යුක්‍රේන යුද්ධයත් සමග එරොෆ්ලොට් ගුවන් සේවයට වුනු දේ…

“යුක්රේනයට එරෙහිව රුසියාව විසින් ප්‍රහාරය එල්ල කිරීමත් සමඟ යුරෝපා රටවලින් රුසියාවට එරෙහිව විවිධ සම්බාධක පැනවූවා. මේ අනුව යුරෝපා සමාගම් බොහොමයක් ඒක පාරශ්වයීයව එරොෆ්ලොට් ගුවන් සේවය සමඟ පවතින ගිවිසුම් අවංගු කළා. එයින් පසුව ඔවුන්  තම ගුවන් යානා ඉල්ලනවා. නමුත් එරෝෆ්ලොට් සමාගම මෙම ඒක පාර්ශ්වීය ගිවිසුම් අවලංගු කිරීමට එකඟ වී නැහැ. මේ තත්තවය මත ගුවන්  තොටුපළ දහසකට ආසන්න ප්‍රමාණයකට යන ගුවන් ගමන් නතර කිරීමට එරොෆ්ලොට් සේවය ට සිදු වුණා.“

“මේ වෙනකොට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් සේවා නැවතිලා තිබුණේ. මමත් මැදිහත් වෙලා උත්සාහයක් දරල පසුගිය අප්‍රේල් මාසයේ 08 වැනිදා සිට යළි ගුවන් ස්වා ආරම්භ කළා. සතියට ගුවන් ගමන් තුනක් ඔවුන් මොස්කව් සිට මෙරටට එනවා යනවා. පසුගිය කාලෙම ශ්‍රි ලංකාවට ආවේ රුසියානු ගුවන් සේවයටම අයත් ගුවන් යානා.

අපි කළ වැරැද්ද

මෙම ක්‍රියාදාමය මැද පසුගිය මාර්තු මාසයේ  06 වැනිදා මෙරට සිවල් ගුවන් සේවා අධිකාරිය සහතිකයක් දෙනවා රුසියානු ගුවන් සේවා අධිකාරියට ශ්‍රි ලංකාව පැමිණෙන කිසිදු  රුසියානු ගුවන් යානයක් රඳවා ගැනීමකට හෝ  අත්අඩංගුවට ගැනීමකට ලක් කරන්නේ නැහැ කියල.

අත්අඩංගුවට ගැනීමේ අවදානමක් නැති නිසාම දෝ  රුසියාව පසුගිය ගුවන් ගමන් තුනක් සඳහා මොස්කව් සිට එව්වේ කල් බදු පදනමින් ලබා ගත් ගුවන් යානයක්. නමුත් මේ පසුබිමේ සිය එයාර් බස් යානයක් කල්බදු පදනමින් එරොෆ්ලොට් සමාගමට ලබා දී තිබූ අයර්ලන්තයේ සමාගමක් කොළඹ වානිජ අධිකරණයෙන්  නියෝගයක් අරගෙන ගුවන් යානය පිටවීමට වාරණයක් දමලා.

අප ලබා දුන් සහතිකය..

 

සිවිල් ගුවන්සේවා අධිකාරිය කළ නොකළ යුතු දේ

සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ආකාරයට අකත්අඩංගුවට ගැනීමක් රෙඳවා ගැනීමක් නොකරන ලෙසට සහතිකය ලබා දීම අවදානම් සහගත දෙයක්. ඔවුන් එය කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්වත් විදේශ අමාත්‍යංශයෙන්වත් විමසා නොවෙයි.

මේ තත්තවය තුළ යම් රාජ්‍ය තාන්ත්‍රික සිත් පළුදු වීමක් සිදුව තිබෙනවා. කොහොම වුණත් මේ ක්‍රියාවලිය නිසා මේ වනවිට එරෝෆ්ලොට් සමාගම සිය ගුවන් සේවා නවත්වලා. ඊයේ දිනයේ මඟීන් 275ක් සමඟ යානයක් මෙරටට පැමිණීමට නියමිත ව තිබුණද ඔවුන් එය අවලංගු කොට හිස් ගුවන් යානක් මෙරටට එවා තිබෙනවා. ඒ මෙරට රැඳී සිට රුසියානු ජාතියන් , සංචාරකයන් එරටට ගෙන යන්න“ ඔහු සඳහන් කලේය.

එහිදී වීරතුංග  සඳහන් කළේ මේ වනවිටත් ශ්‍රි ලංකාව තුළ සති දෙකක තුනක  පමණ නිවාඩු ගත කිරීමට පැමිණි රුසියානු ජාතික සංචාරකයන් 2500ක් පමණ   රැඳීසිටින  බවය.

මෙම ගැටලුව ඉක්මනින්ම නිරාකරණය නොවුවහොත් එක අතකින් සංචාරක කර්මාන්තයටත් අනෙක් අතින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටත් අහිතකර බලපෑමක් එල්ල විම වැළැක්විය නොහැකි බව ද වීරතුංග මහතා මෙහිදී සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් ආධාර නැව් එවනවා – තමිල්නාඩු මහ ඇමති ස්ටාලින් මිලින්ද මොරගොඩට කියයි

Next Post

දේශබන්දුගේ විනය පරික්ෂණයට අදිසි බලපෑමක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.