තුන්දෙනෙකුට මරු කැඳවමින්, 47 දෙනෙකුට තුවාල සිදුකරමින් හැටන් බස් අනතුරට අදාලව බස් රථයේ සවිකර තිබූ සීසීටීවී දර්ශන මකා දමා ඇතැයි අනාවරණය වේ.
පොලිසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දත්ත ගබඩා පද්ධතිය මොරටුව විශ්ව විද්‍යාලයට යොමු කරන බවය.
අදාල අනතුර සිදුවූ අවස්ථාවේ දී මුල් කොටසේ දර්ශනවලින් කොටසක් ඊයේ (22) රාත්‍රියේ දී නිකුත් කෙරිනි. ඉන් පෙනී යන්නේ ධාවනයවන බස් රියෙන් රියදුරු ඉවතට විසිවී යන ආකාරයයි.
රියදුරු පවසා ඇත්තේ රියදුරු අසුන අසල ඇති දොරටුව හදිසියේ විවෘත වූ බවය. බස් රථය පෙරළී යෑමෙන් පසු දර්ශන මෙතෙක් නිකුත් කර නැත.
අනතුර සම්බන්ධව අත් අඩංගුවට ගත් බස් රථ රියදුරු ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරු ප්‍රතිකාර ලබන රෝහල වෙත පැමිණි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරු පිළිබඳ කරුණු විමසීමෙන් අනතුරුවය.
සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තවමත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.







