නැවත පහළින්ම පටන් ගෙන ගමන් ඇරඹීමට සූදානම් බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසයි. ඔහු කියන්නේ පොදුජන පෙරමුණෙන් තමා ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවය.
අද වනවිට පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිව තිබෙන පවසන චමල් රාජපක්ෂ සියලුදෙනාගේම ඉල්ලීම අනුව තමා ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් තමාට ඉදිරිපත් විය හැකි බවත් චමල් රාජපක්ෂ පැවසීය.
“වෙනස කරා. වෙනසේ රඟ දැන් ආපහු දකිනවා. දැන් හැමෝටම ඕනේ ඇති කරපු වෙනස නැවත වෙනස් කරන්න. පොදුජන පෙරමුණෙන් මමත් ප්‍රාදේශීය සභාවට ඉල්ලනවා.
ඉහළ යනවා. පහළ යනවා. අපි පහළින්ම පටන් ගන්නවා ආපහු. සියලුදෙනාගේම ඉල්ලීම අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් ඉල්ලන්න පුළුවන්.” – දෙරණ







