අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදාවෙන් පලා විත් මූල්‍ය ආයතනය පටන් අරන්  කෝටි 990ක් වංචාකළ   කුරුණෑගල අපරාධකාර සැරයන්ලා දෙන්නා අත් අඩංගුවට…

වැඩිපුරම මුදල් වංචා කරලා තියෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට... දේශපාලකයින්, රජයේ නිලධාරීන්, කළු සල්ලි පොදි ගහගත් අය ඒ අතර...

by editor
ඔක්තෝබර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉහළ පොලියක් දෙන බව පවසමින් 8,000ක පමණ පිරිසකගෙන් මුදල් ගෙන රු. කෝටි කෝටි 990ක මුදලක් වංචා කර සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කුරුණෑගල හංහමුණව ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් මූල්‍ය ආයතනයේ හිමිකරු වන අතපත්තු මුදියන්සේලාගේ ධම්මික කුමාර අතපත්තු නමැත්තා ලබන මස 1 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වාරියපොළ මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි   ඊයේ (27) නියම කළේය.

ජනතාවගෙන් මුදල් වංචා කර වසර දෙකකට ආසන්න කාලයක් සැඟවී සිටි බව කියන සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇතතේ මහනුවර කැන්ඩි වීව්කාඩ්න්හි පිහිටි නිවෙසකදීය.

මේ පුද්ගලයා හමුදාවෙන් පලාගිය සැරයන්වරයකු බව කියැවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනු ලැබුවේ මේ පුද්ගලයා මේ මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ හා කොටස් හිමිකරු ලෙස කටයුතු කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (26)ය.

මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම යන චෝදනා මේ පුද්ගලයාට එරෙහිව එල්ල වී ඇති බවත්, එසේ උපයාගන්නා ලද මුදල් විශුද්ධිකරණයද ඔහු විසින් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉහළ පොලී අනුපාතයක් දෙන බව පවසමින් සැකකාර ව්‍යාපාරිකයා හංහමුණව පිහිටි තම නිවෙසේ අදාළ මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රු. ලක්ෂයේ සිට රු. කෝටිය ඉක්මවූ විවිධ ප්‍රමාණයෙන් මුදල් තැන්පතු ගෙන පසුව ඒ තැන්පතු සඳහා ගෙවිය යුතු පොලිය සහ මුදල් ගනුදෙනුකරුවන් වෙත ආපසු නොදෙමින් මේ මහා පරිමාණ මූල්‍ය වංචාව සිදු කරගෙන ගොස් තිබිණි.

ඔහුගේ වංචාවට හසුව මුදල් අහිමි කරගත් පිරිස අතරේ දේශපාලනඥයන්, පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයන් සහ රජයේ විවිධ නිලතල දැරූ උසස් නිලධාරීහුද සිටිති.

විවිධාකාරයෙන් දූෂිත ගනුදෙනුවල යෙදී මුදල් රැස් කරගත් පිරිස්ද මේ මූල්‍ය ආයතනයේ ආයෝජනය කර මුදල් අහිමි කරගෙන සිටින අය අතර සිටින බව කියැවේ.

මොහුගේ මේ නීත්‍යනුකූල නොවන මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමක්ද පනවා ඒ ගනුදෙනු තහනම් කිරීමේ ප්‍රසිද්ධ නිවේදනද පුවත්පත්වල පළ කර තිබී ඇත. ඔහුට එරෙහිව  කොළඹ මහාධිකරණයේ මූල්‍ය වංචා නඩුවක්ද ගොනු කර මේ වන විට එය සැකකරු නැතිව විභාගයට ගනිමින් පවතී.

මොහුගේ මූල්‍ය වංචාවට හසුව මුදල් අහිමි කරගත් පිරිසෙන් බහුතරයක් ආරක්ෂක අංශවලට සම්බන්ධ දැනට සේවයෙහි නියුතු සහ විශ්‍රාම ලැබූවන් වන අතර, ඔවුන් සැකකරුට එරෙහිව කුරුණෑගල වැව රවුම ආසන්නයේ පිහිටි ඔහුට අයත් නිවාස සංකීර්ණයක් ඉදිරිපිටට වී මාස දෙකකට අධික කාලයක් උපවාසයකද නිරත වූහ.

මේ කාලයේදී ඇති වූ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ට එම උපවාසය නතර කරදැමීමට සිදු විය. මේ මූල්‍ය වංචාවට හසු නොවන ලෙස මාධ්‍යවේදීන් මාධ්‍ය මඟින් දැනුවත් කළ අවස්ථාවල මේ ආයතනයේ මුදල් තැන්පතුකරුවන්ගෙන් මාධ්‍යවේදීන්ට එකල විවිධ තර්ජනද එල්ල විය.

ගනුදෙනුකරුවන්ගෙන් එල්ල වූ විරෝධතා හමුවේ කුරුණෑගල පදිංචිය අතහැර තම බිරිය හා දරුවන්ද සමඟ මහනුවරට ගොස් එම ප්‍රදේශයේ නිවෙසක රහසිගතව ජීවත්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

මේ මූල්‍ය ආයතනයේ දෙවැනියා ලෙස සැලකෙන නිහාල් ගුණවර්ධන නමැති අයකුද මීට දින කීපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ පුද්ගලයාද හමුදාවෙන් පලාවිත් සිටින සැරයන්වරයකු බව සඳහන්ය. ඔහු භාවිත කළ ජංගම දුරකතනයේ දත්ත ආශ්‍රයෙන් විමර්ශනයක් සිදු කර ප්‍රධාන සැකකරු මහනුවර ජාත්‍යන්තර පාසලක් ආසන්නයේ ඇති නිවෙසකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම නිලධාරීහු දන්වා සිටියහ.

මේ මූල්‍ය ආයතනයේ වංචාවන්ට හසු වූ 75කට අධික පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම් දුන්නේය.

සැකකරුවන් දෙදෙනා සතුව තිබී සොයාගත් කෝටි දහයක් වටිනා ඉඩම් 11ක් විකිණීම, පැවරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද අදාළ අංශ වෙත මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරනු ලැබීය.

මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් දෙමින් කියා සිටියේ රක්ෂිත භාරයට පත් කළ පුද්ගලයන් විවිධ නම්වලින් සහ විවිධ පුද්ගලයන්ගේ නම්වලට මිල දී ගෙන ඇති වත්කම් සමබන්ධයෙන් සොයා බලා මීළඟ නඩු දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති (පො.ප) ජයසුන්දර, (පො.කො) කරුණාතිලක, නිමේෂ්, චන්ද්‍රරත්න, ඉෂාන් හා (උ.පො.ප) මධුශංක හා රත්නායක අධිකරණයට කරුණු වාර්තා කළහ.  – දිනමිණ

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක මතය හමුවේ ඇමරිකාව සහ ඊශ්‍රයාලය තනි වෙයි… ගාසා තීරයට එක්සත් ජාතීන් ගෙනා විරාම යෝජනාව සම්මතයි!

Next Post

වෛද්‍ය සැපයුම්වලට පසුගිය වසරේ වැය කළ බිලියන 130න් බිලියන 40ක් හොරා කාලා… රජයේ ගිණුම් අනුකාරක සභාවේදී හෙළි වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.