සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදාව අරගලය මඩින්න එක වෙඩි උණ්ඩයක්වත් පත්තු නොකළ හේතුව ජෙනරාල් ශවේන්ද්‍ර රාජකාරි දිවියෙන් නික්ම යන මොහොතේ කියයි…

by editor
දෙසැම්බර් 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බල ලෝභී පාලකයන් පවසන පරිදි රාජ්‍යය පාවාදීමේ අශ්ලීල දුර්ජන පරමාර්ථයක් තමන්ට නොතිබුණු බවත්,  විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලෙකු වීමේ පහත් ආශාවක් ද නොවුන බවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද පැවසුවේය.

අරගලය අවස්ථාවේ අහිංසක නිරාධුය ජනතාවට එක වෙඩි උණ්ඩයක් හෝ පත්තු වීම ප්‍රාර්ථනා නොකළ තමන් උන්මන්තක ජන ඝාතකයෙක් නොවීමේ ප්‍රතිඵල අද මේ රට භුක්ති විඳින බව ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට කැරළි මර්ධනයට හමුදාව මැදිහත්වීමේ ප්‍රතිවිපාක විඳින ආසන්න රටවල අත්දැකීම් උපුටා දක්වමිනි.

පුරා වසර 41ක් මාතෘ භූමියේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් කැපවුන, හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (31) සිය ධුරයෙන් විශ්‍රාම යන අවස්ථාවේ දි මම ශවේන්ද්‍ර යන දීර්ඝ ප්‍රකාශය පළ කරමින් මේ අදහස් දක්වා තිබිණි.

එම නිවේදනයේ අතිශයම සංවේදී කොටස වන්නේ 2022 අරගලය අවස්ථාවේ දි හමුදාවේ හැසිරීම පිළිබඳ කරන හෙළිදරව්වය. එහි මෙසේ දැක්වේ.

වර්ෂ 2022 රට තුළ උදා වන මහජන කැලඹීම මගේ හමුදා රාජකාරි ජීවිතයෙහි මා සැබෑ මිතුරන් සහ සැබෑ හතුරන් ප්‍රායෝගිකව හඳුනා ගන්නා සංකීර්ණ යාමයකි. රාජ්‍ය යුද්ධ හමුදාව යනු බාහිරව හෝ අභ්‍යන්තරව හෝ රාජ්‍යයට සිදු වන උපද්‍රවයකදී ජනතා සුරක්ෂාව සඳහා පෙනී සිටින නිල ලත් සන්නද්ධ මිනිස් බළකායකට ය.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“2022 අරගල යනු අභ්‍යන්තර ජන නොසන්සුන්තාවයකි. එහිදී උද්ඝෝෂකයන් පාලනය කිරීමට හමුදාවට අවම බලය පමණක් භාවිත කිරීමට මම විධාන ලබා දුනිමි. හමුදා වෙඩි උණ්ඩයකින් සාමාන්‍ය අහිංසක වැසියෙකු මිය යෑම මා නොපැතුවෙමි.”

“නිරායුද ජනතාවට එරෙහිව නිල බලයෙන් උන්මත්තක ජන ඝාතකයෙකු වීමට මා උත්සුක වූයේ නැත. එහි ප්‍රතිඵලය රට අපායක් නොවීම ය. එයට උදාහරණ රටට ආසන්න රාජ්‍යවල වර්තමානයෙහි පැන නඟින ජන උද්ඝෝෂණ මර්දනය පිණිස හමුදා ක්‍රියාත්මක වීමේ දුර්විපාක පෙන්වා දිය හැකි ය.”

“බල ලෝභී පාලකයන් පවසන පරිදි මට රාජ්‍යය පාවාදීමේ අශ්ලීල දුර්ජන පරමාර්ථයක් නොපැවතුණි. විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලෙකු වීමට හෝ මට පහත් ආශාවල් නොවිණි. එලෙස නම් මා එවකට පාලන බලයේ සිටිය රටේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අග්‍රාමාත්‍යතුමා උද්ඝෝෂකයන් ග්‍රහණයට ගෙන එතුමා ජීවිත අවදානමක පසුවද්දී ගුවන්
සංක්‍රමික බලකාය යොදවා මා අග්‍රාමාත්‍යතුමාගේ ජීවිතය සුරක්ෂිතව ගලවා ගන්නේ කුමකට ද?”

“දේශපාලකයන්ගේ ගෙවල් ගිනිබත් කරලීමට පැමිණි උද්ඝෝෂකයන් බහුතර පිරිසක් පලවා හැර එකී ගෙවල් බේරා ගන්නේ කුමකට ද? එහෙත් අරගල සමයේ මා සිදු කළ උපායික ක්‍රමෝපා පිළිබද රාජ්‍ය පාලකයන්ගේ කියවීම මට අවාසි සහගත විය.”

“තරු හතරක ජෙනරාල්වරයෙකුව ලංකා හමුදා ඉතිහාසයේ දෙවන හමුදාධිපතිව සේවයේ යෙදී සිටිය මා වර්ෂ 2022 මැයි 31 සේවයෙන් විශ්‍රාම ගැනීමට හත් මසක් ඉතුරුව පැවතිය දී බලධරයන් හමුදාධිපති පදවියෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පදවියට නිල මාරුවක් සිදු කළේ ය. එයින් පසු ආසන්න කාලයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රාජ්‍යයෙන් පලා යෑමට සිදුවන්නේ ද මා හමුදාධිපති පදවියෙන් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිටියදී රාජ්‍ය අවසරය සහිත ව විදෙස් රටක පැවති ජාතික ආරක්ෂක සමුළුවකට සහභාගි වී සිටින යාමයක දී ය.”

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නැති ප්‍රශ්න ඇති නොකර කොන්දක් තිබේ නම් මේ මාරුවීම අවලංගු කරන්න… ජපුර සභාපතිට දුන් කාසල් රෝහලේ පත්වීමට විරෝධය පා GMOA සහ AMS සෞඛ්‍ය ලේකම්ට ලියති…

Next Post

එෆ්.බී. එකේ කුපාඩි මඩක්… කොට්ටහච්චි සීඅයිඩී යයි..

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.