අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

හමුදාපති ආයතන ප්‍රධානියෙක්… ආණ්ඩුවක බලය කමිටුවකට දෙන්න එපා… රනිල් පාර්ලිමේන්තුවේ දී කියයි…

මුදල් ඇමති මුදල් රාජ්‍ය ඇමති ඉද්දි හමුදාපති ආයෝජන මණ්ඩලයේ සාකච්ඡාවලටත් යනවා... සමහරු නැගිටලා ගියා..

by editor
ජූනි 23, 2021
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

විශාල ජනවරමක් ලබා පත්වුණු නීත්‍යානුකූළ ආණ්ඩුවක් ව්‍යවස්ථාවෙන් කැබිනට් මණ්ඩලයට ලැබුණු බලය ජාතික ප්‍රශන්යක් මෙහෙයවීම සඳහා ආයතන ප්‍රධානියෙක් මුල් වුණු කමිටුවකට පවරා ඇත්තේ කුමණ සුදුසුකමක් මත දැයි එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

මේ කාර්ය සාධක බලකාය මුලුමනින්ම අසාර්ථක බව කී රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ හමුදාපති ආයතන ප්‍රධානියෙක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක මිල්ටරි බලය දායක කරගන්නේ කැබිනට් මණ්ඩලයටත්, කැබිනට් මණ්ඩලයෙන් පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථාව විසින් ලබා දුන් බලතල පාවිච්චි කිරීමට නොව යුද්ධ කිරීමට බවත් පෙන්වා දුන්නේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

මේ රටේ දැවැන්ත ආර්ථික බිඳ වැටීමට හේතුව කොවිඩ් වසංගතය. අපි මොනවද කොවිඩ් වසංගතයට කරලා තියෙන්නේ. එකක් පැහැදිලිවම කිව යුතුයි. කොවිඩ් පාලනයට පත් කර ඇති මේ කාර්ය සාධක බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. කොවිඩ් පටන් ගත්ත දවසෙ ඉඳළ අද වෙනකම් වෙච්චි දේ සෞඛ්‍ය ඇමති තුමියගේ කතාවට ඇහුම්කන් දුන්නාම තේරෙනවා.

මොකක්ද අපි මේ කරන්නේ. මේ කාර්ය සාධක බලකාය එක්ක ඉදිරියට යන්න බෑ. අපි අසාර්ථක වෙලා තියෙන්නෙ.

අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕන කැබිනට් මණ්ඩලයටයි කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි.

ඇයි කැබිනට් මණ්ඩලයට ව්‍යවස්ථාවෙ 3වන වගන්තියෙන්, 4වැනි වගන්තියෙන්, 43 වගන්තියෙන් දීලා තියන බලය පාවිච්චි කරන්නෙ නැත්තෙ. ව්‍යවස්ථානුකූලව මේ ආණ්ඩුව පාලනය කරන්න පුලුවන් කමිටුවකට නොවෙයි, කැබිනට් මණ්ඩලයට පමණයි.

කැබිනට් මණ්ඩලයත් මෙතන ඉන්නවා. ඇමතිවරුත් මෙතන ඉන්නව. අගමැති තුමනි. ඔබතුමා මේ වගකීම බාරගන්න. ඔබතුමා වැරදි වුනොත් අපට පුලුවන් මෙතන ඇවිත් කෑ ගහන්න. මෙතන පෝස්ටර් උස්සන්න. ඇයි මේක කැබිනට් මණ්ඩලයට බාර නොදෙන්නෙ.

අනෙක සෑම රටකම කොවිඩ් පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා. ලංකාවෙ ඒක නෑ. . ඇයි මේ සියල්ල එක කොමිටියකට දෙන්නෙ.

ඒ කොමිටිය භාර දීල තියෙන්නෙ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට. හමුදාපති කියන්නෙ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොමද එතුමා මේ කටයුතුත්ත කරන්නෙ. ලේකම්වරයෙකුට නියෝග දෙන්න පුලුවන් ඇමතිවරයෙකුට හෝ කැබිනට් මණ්ඩලයට පමණයි. ආයතන ප්‍රධානීන්ට නියෝග දෙන්නෙ ලේකම්වරු ඇමතිවරුන්ගේ උපදෙස් අනුව.

ඇයි මේ බලතල ක්‍රියාත්ම නොවෙන්නේ. අපි කියන්නෙ ඔබතුමන්ලාට ව්‍යවස්ථාවෙන් තිබෙන ඒ බලය අරන් එහි නායකත්වය ගන්න.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රජයක කණ්ඩායම් තුනක් ඉන්නවා. එකක් දේශපාලන අධිකාරිය. ඒ කියන්නෙ කැබිනට් මණ්ඩලය. සිවිල් බලය. ඉන් ලේකම්වරු සිට පහළට නිරූපණය වෙනවා. අනෙක මිල්ටරි බලය. ඒ හමුදාව යුද්ධයකට යොදවන එක. දැන් සිද්ධවෙලා තියෙන්නෙ මිල්ටරි බලය අරගෙන රට පාලනය කරනවා. එය කරන්න බෑ. ඒ්ක වැරදියි.

දැන් කොවිඩ් විතරක් නෙමෙයි. පසුගිය දා ආයෝජන මණ්ඩලයේ සාකච්ඡාවට මුදල් ඇමතිතුමා ඉන්න තිබුණා. නැතිනම් රාජ්‍ය ඇමතිතුමා ඉන්න තිබුණා. ඒ මැදට ඇවිත් හමුදාපති කතා කරනවා. ඒක දැක්කම හිටපු අයත් ගියා.

මට හමුදාපති එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. මේ යන්නෙ වැරදි තැනකට. ඔබතුමන්ලා මේ බලය ගන්න ඕන. ජනතාව ඔබතුමන්ලාට මේ ජනවරම දුන්නා. ඒ ගැන විවාද කරන්න අපට බෑ. ඒ ජනවරම යොදාගන්නේ නැතිව ඔබතුමන්ලා මිල්ටරි ගමනක් යනවා.

අපේ දේශපාලන විරුද්ධවාදීකම් තියනවා. ඒත් අපේ මොන ප්‍රශ්න තිබුණත් ව්‍යවස්ථාව අනුව කැබිනට් එක තමයි තීන්දු ගන්න ඕන. ඒව විවේචනය කරන්න අපට පුලුවන්. කැබිනට් මණ්ඩලය වගකීම් අත්හැරීම, ජනවරම නැති කිරීම, ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම ගැන විවාදයක් දෙන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති කොමිෂන් වාර්තාවේ කොටස් දෙමළෙන් නෑ – සුමන්තිරන්ගෙන් දැඩි විරෝධයක්

Next Post

කොරෝනා රෝගයට බියේ නිවාස හැර යන වැසියන්ගේ නිවාස හුදෙකලා කොට සීල් තබයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.