අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති කොමිෂන් වාර්තාවේ කොටස් දෙමළෙන් නෑ – සුමන්තිරන්ගෙන් දැඩි විරෝධයක්

by Lanka Sara Editor
ජූනි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශණය කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාවේ විශාල කොටස් ගණනාවක් එහි දෙමළ පරිවර්තනයේදී මඟ හැරී ඇති බවත් එය දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිදු කරන ලද විශාල හානියක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.සුමන්තිරන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දුන් සීඩී පටයේ එහි දෙමළ පරිවර්තනය පවතින බවත් එය සිංහල වාර්තාව සමඟ සංසන්දනය කිරීමේදී එහි දෙවන වෙළුමේ විශාල පිටු ප්‍රමාණයක් මග හැර ඇති බවත් මේ සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් විමසූ අවස්ථාවේ දී මෙම වාර්තාව තමන් විසින් සකස් කරන ලද්දක් නොවන අතර සියලු පරිවර්තන ජනාධිපති ලේකම්කාර්යාලයෙන් සිදු කළ බවට දැනුම් දුන් බවත් ප්‍රකාශ කළ සුමන්තිරන් මහතා මේ පිළිබඳව පක්ෂ විපක්ෂ කාගේත් අවධානය යොමු කරවන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී තදුරටත් අදහස් දැක් වූ සුමන්තිරන් මන්ත්‍රිවරයා “දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශණය කෙරුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව බෙදා දීමේදී පාර්ලිමේනතු මන්ත්‍රිවරුන්ගෙන් එහිදී තමන් කැමති භාෂාව අසා තිබුණා. ඒ අනුව මම ඉල්ලුවේ ඉංග්‍රිසි පිටපතක්. නමුත් මට මුද්‍රිත පිටපතක් ලෙස ලැබුණේ සිංහල පිටපතක්. මේ සමඟ ලැබුණු සීඩී පටයේ එහි දෙමළ පරිවර්තනය තිබුණා. මම සිංහල දන්න අයත් සමඟ මෙම දමිළ පරිවර්තනය පරීශීලනය කළා. එහිදී දැන ගන්නට දැක ගන්නට ලැබුණා මෙම දෙමල පරිවර්තනයෙන් විශාල කොටස් ප්‍රමාණයක් ඉවත් කර ඇති බව. මම දැන ගන්න කැමතියි ඇයි එහෙම කළේ කියල. පාර්ලිම්න්තුවෙන් ඇහුවම කිවේ එය කළේ ජනාධිපති කාර්යාලයෙන් කියල. ඒක ඇත්තද? එහෙම නම් දමිළ භාෂාවෙන් කියවන අයට මෙවැනි අසාධාරණයක් කළේ ඇයි කියල මම අහනවා.
දමිළ භාෂාව සේ රටේ රාජ්‍ය භාෂාවක් බවට පත්වුණේ 1987දී. අවුරුදු 35ක් ගතවෙලත් අපිට අදත් මේ භාෂාව ගැන අරගල මේ පාර්ලිමේනතුව තුල කරන්න සිදුව තිබෙනවා. එය කණගාටුදායක බරපතල ත්තවයක්“ යයි පැවසීය.
සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ මේ ප්‍රකාශයට ප්‍රතචාර දැක්වූ කථානායක මහිනද යාපා අබේවර්දන මහතා මේ සම්බන්දයෙන් තමන් සොයා බලා සුදුසු පියවරක් ගන්නා බව ප්‍රකාහඉකළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපක්ෂය ‘දැන් සැපද’ අසමින් පාර්ලිමේන්තුවේ බිම හිඳගනී

Next Post

හමුදාපති ආයතන ප්‍රධානියෙක්… ආණ්ඩුවක බලය කමිටුවකට දෙන්න එපා… රනිල් පාර්ලිමේන්තුවේ දී කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.