සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදා සහ STF ආරක්ෂාව ඇතිව කොළඹ වැලිගම හදන ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන මොනව ද?… මුජිබර් පාර්ලිමේන්තුවේදී අසයි!

by editor
ජනවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කිසිම ඊශ්‍රයාල ජාතිකයෙකුට ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය අවසර ලබා දී නැති බව අගමැතිනි හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ඇය ඒ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් විසින් රට තුළ ඉදිවන ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන සම්බන්ධව කළ ප්‍රශ්න කිරීමකට පිළිතුර ලබා දෙමිනි.

මන්ත්‍රීවරයා කීවේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව වැලිගම, දෙහිවල අල්විස් පෙදෙස, චිත්තප්ලම් ගාර්ඩිනන් මාවතේ සිනමන් රෙඩ් ගොඩනැගිල්ල ඉදිරිපිට ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන යුද හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව ඉදිකරන බවය. එමෙන්ම වැලිගම ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථානය ඉදිවන්නේ මුස්ලිම් ජනතාව ජීවත්වන ප්‍රදේශයක බව ද ඔහු පෙන්වා දුන්නේය.

දෙහිවල අල්විස් පෙදේසේ මෙම ආගමික මධ්‍යස්ථානය ඉදිවන තැන ඉදිරියෙන් ගමන් කළ සරසවි සිසුවෙක් අත්අඩංගුවට ගෙන අනතුරුව බේරා ගැනීමට සිදුවූයේ උසාවියෙන් බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

එකම යුදෙව් ජාතිකයෙක් හෝ ජීවත් නොවන ලංකාව තුළ මෙවැනි ආගමික මධ්‍යස්ථාන පිහිටුවීම නැති ප්‍රශ්න ඇතිකරගැනීමක් බවත් මොසාඩ් වැනි සංවිධාන දිවයිනේ පැලපදියම් වීමට උත්සාහ කරන්නේ නම් එය ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් වීම නොවැලැක්විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එහෙත් අගමැතිනී හරිනි අමරසූරිය අවධාරණයෙන් පැවසුවේ එවැනි ඉදිකිරීම් සඳහා රජයෙන් අවරස ලබා දී නැති බවය.

“ඊශ්‍රයාල ජාතිකයන් ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ ඒ යටතේ ඇති දෙපාරත්මේන්තුවලින් අවසර ලබාදීමක් සිදුකර නෑ. එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා කියලා තොරතුරු ලැබෙනවා. ඒ සම්බන්ධව අපි නිරීක්ෂණය කරනවා. අවසරයකින් නෙමෙයි ඒවා කරන්නේ. ඒ සම්බන්ධත් මොනවද සිදුකළ යුත්තේ කියලා ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම විදෙස් කටයුතු අමාත්‍යාංශය මගිනුත් කටයුතු කරනවා.” අගමැතිනිය පැවසුවාය.

කිසිම රටකට සංචාරක තහන්චි පනවන්නේ නැති නමුත් ජාත්‍යාන්තර නීතිය අනුව කටයුතු කරන බවත්, රටට පැමිණෙන සෑම සංචාරයෙකුටම ආරක්ෂාව සැලසීම රජයේ වගකීම බවත් අගමැතිනිය කීවාය. ඊශ්‍රයාල ජාතිකයින්ට අරුගම්බේ සිද්ධියත් සමග ඇති වූ තත්ත්වය තුළ ආරක්ෂාව සැපයුවා විනා වෙනත් අර්ථයකින් ඔවුන්ට ආරක්ෂාව සැපයුවේ නැති බවත් ඇය පැවසුවාය.

පසුගිය වසර තුළ ඊශ්‍රයාල ජාතිකයින් 25514 සංචාරය සඳහා ලංකාවට පැමිණ තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිය පාසලේ දැරියකගේ නිරුවත් දර්ශන ජංගම දුරකථනයකින් ලබාගෙන දැරිය අපයෝජනය කළ දිවුලපිටියේ ගුරාට පොලිස් සහනයක්…

Next Post

ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංක්‍රමණිකයින් ලක්ෂයක් ගෙන්වා ගන්න රහස් සැලැස්මක් ගැන මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.