සූරියවැව නුවන් ජයසේකර –
සුරිය වැව විශේෂ කාර්‍ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල හම්බෙගමුව දිවිලාන රක්ෂිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රක්ෂිතය කපා හෙලිකර ගංජා හේන් තුනක් තුනක් වගා කර පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු සූරියවැව විශේෂ කාර්‍ය බළකා නිළධාරීන් විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්‍ය බළකා නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

වැටලීමේදී අඩි අටක් හා විවිධ උස ප්‍රමාණයන් වලින් යුක්තව ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා හේන් තුනක තිබී ගංජා ගස් 20000ක් පමණ විශේෂ කාර්‍ය බළකා නිළධාරීන් විසින් ගලවා අධිකරණයට ඉදිරිපත් කිරීමට සාම්පල ලබාගැනීමෙන් අනතුරුව අනෙකුත් ගංජා ගස් ගලවා ගිනි තබා විනාශ කර තිබේ.
අත් අඩංගුවට පත් ගංජා ප්‍රමාණයෙ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වන බව වැටලීම් නිලධාරීහු පැවසූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා හම්බෙගමුව පොලිස් ස්ථානයට බාරදි තිබේ. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







