සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොටට ෆයිසර් දුන්නෙ ඇයි?… සෞඛ්‍ය බලධාරීන් බීබීසියට කියූ විහිළු කතා…

by editor
සැප්තැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොටට ෆයිසර් එන්නත් ලබා දීම පිළිබඳව බීබීසී අද ප්‍රවෘත්ති විශේෂාංගයක් කර පල කර තිබිණි.

එහිදී බී.බී.සී ආයතනය මේ සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඒ සම්බන්ධව කළ විමසුම් වලට ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

“අපි ගත් තීරණයක් නෙවෙයි” – කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම පිළිබඳව  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගෙන් විමසුවෙමු.  ඇය පවසා සිටියේ එය තමාගේ අමාත්‍යංශයෙන් ගත් තීරණයක් නොවන බව යි.

ඒ සම්බන්ධයෙන් ලිඛිත උපදෙසක් දී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බැවින්, ඒ පිළිබඳව ඔහුගෙන් විමසන ලෙස අමාත්‍යවරිය බීබීසි වෙත දැනුම් දුන්නා ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒක සම්පූර්ණයෙන් ලොජිස්ටික් ඉෂූ එකක්“ – සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

අප එම ප්‍රශ්නයම සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වෙත යොමු කළ විට ඔහු ප්‍රකාශ කළේ “ඒක සම්පූර්ණයෙන් ලොජිස්ටික් ඉෂූ එකක්” නිසා සිදුකෙරුණු බව යි.

“දැන් මේ වෙනකොට මිලියන 18ක් විතර හම්බවෙලා තියෙනවා සයිනොෆාම් එන්නත. එතකොට තව මිලියන දෙකකට හෝ ඊට කිට්ටු ප්‍රමාණයකට ලැබිලා තියෙනවා ඇස්ට්‍රාසෙනෙකා. නමුත් ෆයිසර් වැක්සීන් එක තාම අපට ලැබිලා තියෙන්නේ, යන්තම් අපි ගහලා තියෙන්නේ ලක්ෂ තුනකට පොඩ්ඩක් වැඩියෙන්.

“එතකොට ඒවා පොඩි ප්‍රමාණවලින් හම්බවෙන්නේ. එතකොට ඒ ඒ තැන්වල ඉලක්කගත ජනගහණය අඩු ප්‍රදේශවලින් තමයි මේක පටන්ගන්න වෙලා තියෙන්නේ. ඒක යි අපි පළවෙනිම තොගය ආපු වෙලාවේ මන්නාරමට දුන්නේ,” ඔහු පැහැදිලි කළේ ය.

එපමණක් ද නොව, ෆයිසර් පුත්තලමට ද ලබා දී ඇතැ යි ඔහු සඳහන් කළේ ය.

“අපි කරන්නේ, අපට එන්නත් හම්බවෙන්නේ 200 නම් ටාගට් පොපියුලේෂන් එකක් හඳුනාගෙන සියදෙනෙක් විතර ඉන්න, අපි ඒක ඒ ප්‍රදේශයට දෙනවා. මොකද අපට එන්නත් දෙක දෙක දීලා ඒක කවර් කරන්න පුළුවන්.

මිනිස්සු රණ්ඩු කරන එක නවත්වන්න එපැයි…

දැන් අපට මේ ෆයිසර් එන්නත් ලක්ෂයක් ආපුවාම කොළඹ දිස්ත්‍රික්කය වාගෙ එකකට දුන්නොත් මොකද වෙන්නේ? රණ්ඩුකරගන්නවනේ මිනිස්සු ඊළඟට. අපට එන්නත් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ පාලනයෙන් තොර ක්‍රියාවලියන් හරහා. ඉතින් ඒ නිසා යම් යම් ප්‍රදේශවලට එන්නත් වෙන් කරනකොට අපට ප්‍රයෝගිකව, ගැටලුවලින් තොරව මේ එන්නත් ලබාගැනීමට සහ දීමට අවශ්‍ය කරන ගොඩක් සාධක සලකලා බලලා තමයි මේවා මේ විදියට වෙන් කරන්නේ,” ඔහු තව දුරටත් විස්තර කළේ ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිර්දේශ

මෑතක දී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉදිරිපත් කෙරුණු විශේෂඥ වර්තාවක සඳහන් වන පරිදී,

  1. සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් වයස අවු. 60ට වැඩි පුද්ගලයින්ට
  2. වයස අවුරුදු 12ට වැඩි, ප්‍රතිශක්ති දුර්වලතාවයෙන් පෙලෙන සහ ඕනෑම එන්නතක මාත්‍රා දෙකක් ලබා ඇති පිරිස්වලට ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, හෝ මොඩර්නා යන එන්නත් වර්ගවලින් තෙවැනි මාත්‍රාවක් ලබාදිය යුතුයැ යි නිර්දේශ වී තිබේ.
  3. එසේම, අවුරුදු 12ත් 18ත් අතර වයසේ සහ ප්‍රතිශක්ති ඌණතා සහිත රෝගී තත්ත්වයන්ගෙන් (නිධන්ගත වකුගඩු රෝග, පිළිකා, දියවැඩියාව, නිධන්ගත පෙනහැලි රෝග, මස්තිෂ්ක අංශභාගය,නිධන්ගත අක්මා රෝග, නිවැරදි නොකළ හෘද රෝග, තැලසීමියා) පෙලෙන, එන්නත් නොකළ ළමුන් සඳහා ෆයිසර් මාත්‍රා දෙකක් ලබාදිය යුතු බවත් එම කමිටුවේ නිර්දේශය වේ.

මෙවැනි රෝගීන් සඳහා ෆයිසර් එන්නත් ඉතිරි කර ගැනීම සිදුකළ යුතු නොවේදැ යි අප විමසූ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ මෙවැන්නකි:

“මේකේ දී ප්‍රශ්නේ තියෙන්නේ, එකක් තමයි, ඕක ගබඩා කරලා තියාගන්න ලොකූ වියදමක් යනවා, -70°Cවල යනකොට. අපට මිනිස්සුන්ට මේක දීලා ඉවර කරන්න ඕනේ. මොකද අපේ එන්නත්කරණය ඉවර කරන්නත් ඕනෙ නෙ.”

විදේශගත වීමේ දී යම් යම් රටවල් යම් යම් එන්නත් ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බැව් ද, ලංකාවේ දී ලබාදෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කෙරුණු එන්නත් ද නිසා මෙම අසාධාරණය පිළිබඳව එම සංවිධානය සමග ද සාකච්ඡාකර තිබේයැ යි ඔහු පවසයි.

“ඒ අතරතුර යම් පුද්ගලයෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක (ෆයිසර් එන්නත) දෙන එක කරගෙන යනවා කොහොමත්,” ඔහු සඳහන් කරයි.

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පැහැදිලි ලිපියක් ලියලා තිබ්බා කොවිඩ් ටාස්ක් ෆෝස් එකේ දී ගත්ත තීරණයක් අනුව තමා හම්බන්තොටට මේක දෙන්න තීරණය කළේ කියලා… එතකොට ඒක (කෝවිඩ් මර්දන කාර්ය සාධන බලකාය) මේ හැමෝම සහභාගී වෙන එකක් මිස දේශපාලන අය සහභාගී වෙන එකක් නෙවෙයිනේ. “

“මේක හොඳට පැහැදිලි කරලා දෙන්න ඕනේ, මොකද සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා එල්ල වෙනවා දේශපාලන බලයකට යටත්වෙලා මේක ක්‍රියාත්මක වෙනවා කියලා,” ඔහු ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එසේ පැවසුවා ද, ඊයේ (සැප්තැම්බර් 9) මාධ්‍ය හමුවකට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ හම්බන්තොටට ෆයිසර් එන්නත දීමට තීරණය කළේ “රජය විසින්” බව යි.

“කොයි එන්නත ද කොයි ප්‍රදේශයට ද යවන්නේ කියන එක අපේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛව තියෙන එම බලකායෙන් තමයි තීරණය කරනු ලබන්නේ. නැතුව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ, එම ෆයිසර් එන්නත නිෂ්පාදන සමාගමට අනුව නෙවෙයි අපි ඒ තීරණය ගන්නේ,” ඔහු පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ඉතාමත් සීඝ්‍රයෙන් සිදුකෙරෙමින් පවතින්නේ ය. සැප්තැම්බර් 9 වන දා වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක වයස අවු. 30ට වැඩි ජනගහණයෙන් 100%කට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇතැ යි ජනාධිපති කාර්යාලයය ප්‍රකාශ කරයි.

නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් ලක්ෂ 3කට කෝවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ තවමත් ලැබී නැති බව යි.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කාර්යාල කාර්ය සහායක කාන්තාවකට පැවරූ මොළය නැති කෙනා කවුද?…

Next Post

කෝකටත් හරියන මොඩර්නා “වන්ෂොට්“ එන්නතක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.