සූරියවැව නුවන් ජයසේකර –
හම්බන්තොට මහ ලේවායේ සේවයේ නියුතු ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් අද (25) පෙරවරුවේ ට්‍රක්ටර් රථ රියදුරු මියගොස් ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හම්බන්තොට මහලේවායේ ට්‍රැක්ටර් රථ රියදුරෙකු ලෙස සේවය කල හම්බන්තොට බදගිරිය පදිංචි 30 හැවිරිදි සාලින්ද කුමාර නැමති තිදරු පියෙකි.
මරණකරු සිය රාජකාරිය සදහා පැමිණ ට්‍රැක්ටර් රථයකින් ලුණු පාත්ති ඇති ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටියදී ට්‍රැක්ටර් රථයේ ඉදිරිපාස රෝදයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ට්‍රැක්ටර් රථය පෙරළී ගොස් අනතුරට ලක්ව තිබේ.
අනතුරින් ට්‍රැක්ටර් රථයේ රියදුරු ඊට යටව ඇති අතර ලේවායේ සේවකයන් එක්ව ඔහු කඩින්මින් ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.
සිද්දිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







