අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හපුතලේ දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂාව සැලසූ  දකුණේ ප්‍රධාන ඝාතන නඩුවක පළමුවෙනි සාක්ෂිකරු….

by editor
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හපුතලේ කොළඹ පාරේ හෝටලයක සේවය කරමින් සිටිය දී නාඳුනන තුවක්කු කරුවන් සිව් දෙනෙක් විසින් හෝලයට තුළ දී ඊයේ  (22) රාත්‍රියේ ඝාතනය කරනු ලබන්නේ දකුණේ ප්‍රධාන පෙළේ මනුෂ්‍ය ඝාතන නඩුවක ප්‍රමුඛම සාක්ෂිකරුවා බව විමර්ශන අංශව විසින් අනාවරණය කරගෙන ඇත.

ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු විසින් උක්ත ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස ලබා දුන් සාක්ෂිය ප්‍රකාරව මේ වනවිට පුද්ගලයින හය දෙනෙක් බන්ධනාගාරගතව සිටින බව විමර්ශන අංශ පවසයි.

මේ වැදගත් සාක්ෂිකාර තරුණයාට මේ නඩුව හේතුවෙන් බරපතල මරණීය තර්ජන එල්ල වී තිබී ඇත. එම පසුබිම තක්සේරු කළ අධිකරණය වින්දිතයන් ආරක්ෂා කිරිමේ අධිකාරියට නියෝගයක් කරමින් මෙම පුද්ගලයාට පැය 24ම ආරක්ෂාව සලසන ලෙස දන්වා තිබේ.

එම අධිකරණ නියෝගය ප්‍රකාරව වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් ගන්දර පොලිසියට කරන ලද නිර්දේශ ප්‍රකාරව මෙම පුද්ගලයාට ගන්දර පොලිසිය හරහා  පැය 24ම ආරක්ෂාව සැලසීමට කටයුතු කර ඇත.

එහෙත් ඔහු ඉලක්ක කරගෙන මතුවෙමින් ඇති දැඩි තර්ජනය හේතුවෙන් ආරක්ෂක අංශවල ද  උපදෙස් මත ඔහු ගමින් පිටවී ගොස් හපුතලේ මෙම හෝටලය තුළ රැකියාව කරමින් සිට ඇත්තේ බාහිර සමාජය සමග දැඩි සම්බන්ධතාවයක් නොපවත්වමිනි. ඔහු  බොහෝ විට කාලය ගත කර ඇත්තේත් හෝටලය තුළය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ ආකාරයෙන් ඔහු වසර එක හමාරක් තිස්සේ මෙම හපුතලේ හෝටලයේ සේවය කර තිබේ.

එසේ තිබිය දී ඔහු පසුගිය දා දෙවුන්දර පෙරහර බලන්නට සිය ගම් පලාතට පැමිණ තිබේ. මේ පුද්ගලයා විසින් ස්වකීය ආරක්ෂාවට තර්ජනයක් ඇතිකරගෙන ඇති ආකාරය තේරුම් ගත් ආරක්ෂක අංශ විසින් ඔහුට දන්වා ඇත්තේ ඔහු මේ වනවිටත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ මූලිකම දේ විනාශ කරගෙන ඇති බවය. වහාම කිසිවෙකුට නොදැනෙන සේ කලින් සිටි සේවා ස්ථානය වෙත යන ලෙසත් ඔවුන් උපදෙස් දී තිබේ.

මේ එන අතර තුර දී යම් කිසිවෙක් විසින් ඔහු ලුහු බැඳ පැමිණ ඔහු සිටින ස්ථානය පිළිබද නිවැරදිම තොරතුරු ලබා ගත් පසු ඝාතක කල්ලියක් අදාල ස්ථානයට එවා මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශන අංශ උපකල්පනය කර ඇත.

ඒ එස්සේ හපුතලේ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.  හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Tags: යාපනය විශ්ව විද්‍යාලයවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ දී චැනල් අයි ගැන ප්‍රශ්න කද්දී  නිරුත්තර වූ  බන්දුල ඇමති වියරු වෙයි….

Next Post

ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධ සියලු විඩියෝ සහ ඡායාරූප සාක්ෂි විද්වත් වෛද්‍ය මණ්ඩලයට යොමු කරන්න… අධිකරණය CIDට නියෝග කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.