සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හන්තානේ හෝ කිසිම තැනක මට රජයේ ඉඩමක් නෑ… කෝප් කමිටුවේ දී මට නින්දිත අපහාසයක් කළා… චමින්ද්‍රානි කිරිඇල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යයි!

by editor
ජූලි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2025 ජූලි 17 වැනි දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ දී රජයට අයත් හන්තාන වත්තෙන් අක්කර 43ක ඉඩමක් දේශපාලන බලපෑම් යොදාගෙන නීති විරෝධී ලෙස තමන්ගේ නමට පවරා ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සහ නිලධාරීන් සාකච්ඡා කළ සිදුකරන ලද ප්‍රකාශ මුලුමනින්ම අසත්‍ය පදනමක් රහිත ද්වේශ සහගත පහත් ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ දී කියැවුන අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශය උපයෝගී කරගෙන මාධ්‍ය සහ සමාජ මාධ්‍යය හරහා මෙම ඉඩමේ අයිතිය සම්බන්ධව තමන්ගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ පුවත් සංසරණය වූ බවත් මන්ත්‍රීවරිය කීවාය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව ඉදිරියේ සාකච්ඡවට බඳුන්වුන හන්තාන ඉඩමේ අයිතියක් කිසිම දිනක තමන්ට නොතිබුණ බව මන්ත්‍රීවරිය අවධාරණය කළාය. ඇය කීවේ රජයට අයිති කිසිම ඉඩමක් කිසිම දිනක තමන්ගේ නමට පවරාගෙන නැති බවය. එවැනි ඉඩමක් දේශපාලන බලපෑම් යොදාගෙන අයිතිකරගෙන ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තුළ කරන ලද ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්වන අතර තමන්ට කරන අපහාසයක් මෙන්ම නින්දාවක් බව කියා සිටියාය.

ඇය කීවේ මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියා කලාපය ගැන යම් අපහාසාත්මක ප්‍රකාශයක් පල කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක්ම දඬුවම් කළ හැකි වරදක් බවත්, පාර්ලිමේන්තුව තුළ හෝ යම් කාරක සභාවක් තුළ ව්‍යාජ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දඬුවම් කළ හැකි වරදක් බවය.

එමෙන්ම පාර්ලිමේන්තුව තුළ දී හෝ කාරක සභා තුළ දී මන්ත්‍රිවරයෙකුට නින්දා කිරිම ශ්‍රේෂ්ඨාධිකරණය හෝ පාර්ලිමේන්තුව විසින් දඬුවම් කළ හැකි වරදක් බව පෙන්වා දුන් චමින්ද්‍රාණි කිරිඇල්ල යම් තැනැත්තෙක් යම් කාරක සභාවක් ඉදිරියේ පරීක්ෂණයක් කරගෙන යන අතරතුර යම් ප්‍රශ්නයකට ඕනෑකමින් පිළිතුරක් ලබා දෙන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 190වන වගන්තිය යටතේ වරදකට ඔහු වරදකරු විය යුතු බව ද මන්ත්‍රීවරිය කීවාය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ඇය කීවේ හන්තාන ඉඩම සම්බන්ධව කළ ප්‍රකාශය අසත්‍ය සහ නින්දිත එකක් බවත්, ඉන් තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවත්, මේ ගැටලුව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන ලෙසත් චමින්ද්‍රාණි කිරිඇල්ල ඉල්ලා සිටියාය.

නියෝජ්‍ය කථානායකවරයා ඒ අනුව එම ප්‍රශ්නය වරප්‍රසාද කමිටුව වෙත යොමු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මට උන අසාධාරණය කිසිම කෙනෙකුට කරන්න එපා… මම ගත්තේ නීති විරෝධී වාහනයක් කියලා තුන් හිතකින්වත් හිතුවෙ නෑ… ජගත් විතාන පාර්ලිමේන්තුවේ දී සංවේදී වෙයි!

Next Post

තවත් දළ ඇතෙකුගේ සිරුරක් අහැටුවැව කැලෑ රොදකින් හමුවෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.