හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති මුරුද්දෙනියේ සීලරතන හිමි අභිරහස් ලෙස මියගොස් තිබේ.
උන්වහන්සේගේ සිරුර විහාරස්ථානයට පැමිණෙන නාගහමුලකන්ද මාර්ගයේ තිබී ප්රදේශවාසීන් ගේ සහය මත පොලීසිය අද (12) උදේ සොයාගෙන තිබේ.
මෙය ඝාතනයක් ද යන්න ස්ථිරව ප්රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බව හතරලියද්ද පොලීසිය පවසයි.
මියගිය හිමිනම තුම්පනේ පළාතේ උප ප්රධාන අධිකරණ සංඝනායක ලෙස කටයුතු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
හිමිනම මියයන අවස්ථා වේ සරමක් හා ටී ෂර්ට් එකක් ඇඳ තොප්පියක් පැළඳ සිට ඇත. හිමිනම රාත්රි කාලයේ කවුරුන් හෝ හමුවීමට විහාරස්ථානයෙන් පිටතට ගොස් තිබෙන අතර මෙය ඝාතනයක් බවට පොලීසිය සැක කරයි.
මියගිය හිමිනම 67 ත් හැවිරිදි වියේ පසුවන අතර මළ සිරුර ආසන්නයේ තිබී එළවළු මල්ලක් ද පොලීසිය සොයාගෙන තිබේ.







