මනම්පිටිය නිමල් ජයරත්න –
දඩයක්කරුවෙකුගේ හක්ක පටස් උගුලකට හසුව බරපතල ලෙස තුවාල ලබා සිටි කෙනරක පොළොන්නරුව මැදිරිගිරිය පිහිටි බිසෝපුර කිරිල්ලිගෙ වැව වැව් ඉස්මත්තේදී 08 වෙනිදා සවස මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ සෝමාවතිය රක්ෂිතයේ සැරි සරමින් සිටි වයස අවුරුදු 18 ක් පමණ වන උස අඩි 6 1/2 ක් පමණ වන කෙනරක බව මැදිරිගිරිය වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීහු පවසා සිටිති.
දඩයක්කරුවෙකු විසින් වන සතුන් දඩයම් කිරීම සදහා අටවන ලද හක්ක පටස් උගුලක් එම කෙනරගේ කට තුල පුපුරා යාමෙන් ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් ඇය දැඩි ලෙස තුවාල ලබා පීඩාවිඳිමින් සිට මිය යන්නට ඇති බව වනජීවී නිළධාරීහු පවසා සිටිති.
මිය ගිය කෙනරගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජිවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී නිලධාරීන් විසින් අද (09) දින සිදු කිරීමට නියමිතය.
අතර මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු මැදිරිගිරිය නවනගරය වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් විසින් සිදුකරගෙන යනු ලබයි.







