ලලිත් චාමින්ද –
-
බලපෑම්වලට නතු වෙන්න එපා… මේ ඉල්ලන්නේ සෞභාග්‍යයේ දැක්මයි… ජනාධිපති තුමා පොරොන්දු වූ විදිහට කැබිනට් මණ්ඩලය කී විදිහට අධ්‍යාපන විද්‍යාපීඨ එක් කර විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ස්වාධීන විශ්විද්යාලයක් කරන්න… ගුරු අධ්‍යාපනඥයෝ පාරට බැස ඉල්ලති…
කැබිනට් මණ්ඩලය මගින් ලබාදුන් නිර්දේශ ප්‍රකාරව අධ්‍යාපන විද්‍යා පීඨ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කර ස්වාධීන විශ්ව විද්‍යාලයක් බවට පත් කරන තුරු තමන් ඉකුත් 02 දා අරඹනු ලැබූ වෘත්තිය ක්‍රියාමර්ගය අඛන්ඩව ඉදිරියට ගෙන යන බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිළධාරීන්ගේ වෘතිය සංගමය පවසයි.
එම සංගමය මගින් අද (07) ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ දි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එන්. ඒ. විජේසිරි මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිළධාරීන්ගේ වෘතීය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වරයා මෙසේද පැවසීය.
“මේ වන විට විද්‍යාපීඨ 19ක ගුරු විද්‍යාල 8ක හා ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන 112ක සේවය කරන පීඨාධිපතිවරුන් ඇතුළු සියලුම ගුරු අධ්‍යාපනඥ නිලධාරීන් විසින් මේ මාසේ දෙවන දා සිට අඛණ්ඩ දැඩි වෘතීය අරගලයක නිරත වෙලයි සිටින්නේ.“
“ඊට ප්‍රධාන හේතුව තමයි අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ධූරය සඳහා ඉල්ලුම් කරන අවස්ථාවේ එතුමාගේ චින්තනය ඇතුළත් කළ සෞභාග්‍යයෙ දැක්ම ට ඇතුළත් කරලා තියෙනවා සියලුම විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කරනවා කියලා.“
“ඒ සඳහා පසුගිය කාලය තුළදී විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබුණා. විශේෂයෙන්ම හිටපු අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් මැතිතුමා විසින් 2020 දොලොස්වන මස 14 වෙනි දින කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.“
“හෙද විද්‍යාල හා අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල බවට පත්කර යුතුයි කියලා ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් වී තිබුණා. හෙද විද්‍යාල විශ්වවිද්‍යාල බවට පත්වෙමින් තිබුනත් මේ වන තෙක් ජාතික අධ්‍යාපන විද්‍යා පිඨ සඳහා අවස්ථාව ලැබිල නැහැ. ඒ ඉල්ලීම හමස් පෙට්ටියට දාපු ආකාරයක් තමයි අපිට පේන්න තියෙන්නේ.“
“මේ දෙස මේ විදියට තවදුරටත් බලා ඉන්න බැරි තැන තමයි මේ පියවර ගත්තේ. නවක සිසුන් බඳවා ගැනීම රාජකාරිවලින් අප සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තියෙනවා.“
“ඒ වගේම දෙවන වසර ශිෂ්‍ය ලාභීන් වෙනුවෙන් උගන්වන මාර්ගගත ඉගැන්වීම් මාර්ගගත ඇගයීම් සහ මාර්ගගතව එක් කරනු ලබන විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් සම්පූර්ණයෙන් ඉවත්ව සිටිනවා“.
“ඒ වගේම ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වනු ලබන මොඩියුල වැඩසටහන වලින් ඉවත්ව සිටින අතර එම ආයතනවලින් සිදු කරනු ලබන සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත් වී සිටිනවා. ඒ වගේම ගුරු විදුහල් වල සිදුකරන ලබන මාර්ගගතව ඉගැන්වීම් සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිටිනවා.“
“ඉදිරියේදී ගුරු විද්‍යාල සහ අධ්‍යාපන විද්‍යාපීඨ විවෘත කළ ද මේ ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙන තුරු සියලුම ගුරු අධ්‍යාපනඥයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට මේ වෘත්තිය අරගලයේදී සියලු දෙනා තීරණය කර සිටිනවා.“
“අපි දැඩි සේ වත්මන් අධ්‍යාපන ඇමති තුමාටත් සියලුම නිලධාරීන්ටත් රජයටත් ප්‍රකාශ කර සිටින්නේ හැකි ඉක්මනින් ගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශ කර සිටින ආකාරයට ජාතික අධ්‍යාපන විද්‍යාපිඨ සියල්ල එකට එකතු කරලා විශ්වවිද්‍යාල විද්‍යාල ප්‍රතිපාදන සභාව යටතේ විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න කියන කාරනාව. වත්මන් අධ්‍යාපන ඇමැතිතුමාගෙන් සහ රජයෙන් අපි ඉල්ලා සිටිනේනෙ අමුතු දෙයක් නෙමෙයි. ගරු ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්මෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය එක් එක් අංශවල බලපෑමට යටත් කරන්නෙ නැතිව ක්‍රියාත්මක කරන්න කියන එකයි අපි ඉල්ලන්නෙ.“
මෙම අවස්තාවට සමස්ථ ලංතා ගුරු අධ්‍යාපනඥ සේවා නිළධාරීන්ගේ වෘතීය සංගමයේ නියෝජ්‍ය ලේකම් අජිත් අමරබන්දු, විධායක සභික ඩබ් ඒ එස් කුරුණානායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.







