ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිප්තිය විකෘති කරමින් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ලබාදුන් පොරොන්දුවත් අපයෝජනය කර හැසිරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දුරස්ථ අධ්‍යාපන සහ විවෘත විශ්වවිද්‍යාල රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදරගේ අත්තනෝමතික මැදිහත්වීම්වලට එරෙහිව ලබන අඟහරුවාදා (07) අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධාවයක් පැවැත්වීමටත්, අනතුරුව අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමටත් කටයුතු සංවිධානය කර ඇතැයි සමස්ථ ලංකා ගුරු අධ්යාපනඥසේවා නිලධාරීන්ගේ වෘත්තිය සංගමය කියයි.
සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව ඉදිරිපත් වී ඇත්තේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල පීඨ තත්වයට උසස් කරීමේ යෝජනාව වුවත් දශක දෙකක් පුරා ගුරු අධ්‍යාපනය විනාශ කළ ජාතික අධ්‍යාපන ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කර ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ ඊට අනුයුක්ත කිරීමට ලේකම් සේදර දරණ අත්තනෝමතික උත්සාහයට එරෙහිව රජය දැනුවත් කිරීම සඳහා මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ බව එම සංගමය පවසයි.
මෙතෙක් කිසිම ගුණාත්මක මැදිහත් වීමක් සහිත පාඨාමාලක් හෝ පවත්වාගැනීමට නොහැකි වූ ජාතික අධ්‍යාපන ආයතනයෙන් බාහිරව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පිහිටවන ගුරු විශ්වවිද්‍යාලයක් යටතේ පිළිගත් අධ්‍යාපනවේදී උපාධියක් ශික්ෂණ ලාභීන්ට ලබා දීම සඳහාවූ ජාතික වශයෙන් වැදගත් අපේක්ෂාව මේ තනි පුද්ගලයා විසින් විනාශ කර දමන බව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
ආචාර්ය උපාලි සේදර සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ අධ්‍යාපන ඇමතිතුමාට සහ ලේකම් තුමාටත් බලපෑම් කරන බවත් මෙවැනි බලයක් මේ පුද්ගලයාට ලැබුනේ කෙසේ ද යන්න විමතිය දනවන සුලු බවත් එම සංගමය ප්‍රකාශ කරයි.
අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන අනතුරුව නෛතික ක්‍රියාදාමයකට යෑමටත් තමන් අපේක්ෂා කරන බව එම සංගමය පවසයි.
ජාතික අධ්‍යාපන ආයතනය යනු සුදු අලියෙකි. අතීතයේ ඔවුනට තිබුණේ ඉත කුඩා ක්ෂේත්රයකි.එම කොටසද නිවැරදිව අධීක්ෂණය කර පවත්වාගෙන යෑමට නොහැකිවිය. මේ වනවිට ශ්‍රී ලංකා ව්ශ්වවිද්යාල ප්‍රතිපාදන කොම්සමද තීරණය කර ඇත්තේ. ඔවුන්ට තීරණ ගෙන ක්‍රියාත්මක කළ නොහැකි .විද්‍යාපීඨවලින් ම සැලසුම් කර පවත්වාගෙන යායුතු ලෙසයි. ඒ තරමටම සුවුශේෂීවූ කාරයභාරයක් ගුරු පුහුණුව වෙනුවෙන් ඉටු කිරීමයි. එහිදී 2018 වසරේ ගුරු අධ්‍යාපනඥ සේවයට බැඳුණු නිලදරුවන්ද මේ වනවිට ගුරු පුහුණුව ලබා දෙන්නේ කෙසේද? යන පරිචය ලබා අවසන් බැවිනි .