බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍යයට කළ විනය සංචාරක ව්‍යාපාරයටත් හෙණයක් වෙයි !

by Lanka Sara Editor
දෙසැම්බර් 31, 2023
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ඖෂධ හිගයක්  ඇති බවට යුරෝපීය තානාපති කාර්යාල විසින් පසුගිය කාලයේ නිකුත් කරනු ලැබ ඇති අනතුරු ඇඟවීම් නිවේදනය ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බවත් ඇතැම් සංචාර අවසන් මොහොතේ වෙනස් කිරීමට මේ නිසා සංචාරකයන් පෙලඹෙන බවත් රැඩිසන් හෝටල් කලාපීය සාමාන්‍යාධිකාරී ඇලන් ක්‍රිස්ටි පසුගියදා පැවැති විද්වත් කතිකාවතකදී අනාවරණය කළේය.

ඔහු එහිදී සඳහන් කළේ මෑතකදී ලෝකයේ විශාලතම සංචාරක මෙහෙයන්නකු ශ්‍රි ලංකාවට යුරෝපයේ සංචාරක කණ්ඩායම් රැගෙන ඒම  සම්බන්ධයෙන් ලොකු වැඩපිළිවෙළකට එකඟ වුවද ඔවුන් අන්තිම විනාඩියේදී එය අවලංගු කිරීමට තීරණය කළ බවයි. එයට හේතුව ලෙස ඔවුන දක්වා සිටියේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය විසින් ශ්‍රි ලංකාවේ මහ මඟ කැරලිකාරී තත්ත්ව පවතින බවට සහ ඖෂධ හිගයක් පවතින බවට සාංචාරක උපදේශනවලදී සඳහන්ව තිබීමයි. එසේ වුවද මේ තත්ත්වය එසේ නොවන බව පෙන්වා දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් නොමැති වීම නිසා ඔවුන් සංචාරකයන් මෙම තානාපති කාර්යාලය පවසන උපදේශනය අසා ඒ අනුව ක්‍රියාත්මක වන බව ක්‍රිස්ටි මහතා එහිදී පෙන්වා දුන්නේය.

රැඩිසන් හෝටල සමූහයේ කලාපීය සාමාන්‍යාධිකාරී ඇලන් ක්‍රිස්ටි

“ අවසානයේ අපට දැන ගන්නට ලැබුණා මේ සංචාර අවලංගු කිරීමට හේතුව . තානාපති කාර්යාල වෙබ් අඩවිය බලලා සංචාරකයන් තීරණය කළා ලංකාවේ ඖෂධ හිගයක් තිබෙනවා කියල. බැලුවාම ඔවුන්ගේ තානාපති= කාර්යාල වෙබ් අඩවියේ තවමත් තිබෙනවා රටේ ඖෂධ හිගයක් සහ මහ මඟ කැරලිකාරී තත්වයක් තිබෙනවා කියල. මේ අනතුරු ඇඟවීම තවමත් ජර්මානු සහ ස්විස් තානාපති කාර්යාල වෙබ් අඩවිවලත් තිබෙනවා. “ යයි ඔහු පෙන්වා දුන්නේය.

එහිදී මෙරට තේ ව්‍යාපාරයේ මෙන්ම සංචාරක ව්‍යාපාරයේද සිටින විශේෂඥයකු වන මලික් ජේ ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ එම තත්ත්වය වෙනස් බව අපේ රටේ සංචාරය කිරීමට නියමිත එරට ජනතාවට අවබෝධ කර දීමේ ශක්තිමත් සන්නිවේදන යාන්ත්‍රණයක් අවශ්‍ය බවයි. ඒ සඳහා මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු බව ඔහු සඳහන් කළේය.

“ දැනට අපේ රටේ සිදුවන්නේ සංචාරක නියෝජිතයන් ඉලක්ක කර ගත් ප්‍රවර්ධනයක්. දැනටම් ශ්‍රි ලංකාවේ පවතින සංචාරක වැදගත්කම ගැන ඔවුන්ට අවබෝධයක් තිබෙනවා. නමුත් අවසාන තීන්දුව ගන්නේ පාරිභෝගිකයා. එනම් ශ්‍රි ලංකාවේ සංචාරය කරනවාද නැද්ද කියන තීරණය ගන්න පාරිභෝගිකයා. අපි ඔවුන් ඉලක්ක කර ගත් පුළුල් වැඩපිළිවෙළකට යා යුතුයි.“

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

IIHS උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ

Next Post

රත්තරන් වටින අමු මිරිස්… කරලක් රුපියල් 20යි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.