ශ්‍රියානි විජේසිංහ –
වාහන සම්බන්ධව නව රජය අනුගමනය කරනබව පෙනුන දැඩි පිළිවෙත ක්‍රියාත්මක කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා සහ පරිපාලන නිලධාරීවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇමති කාර්යය මණ්ඩලයට වෙන්කර තිබු වාහන පළාත් සහ ප්‍රාදේශිය සෞඛ්‍ය කාර්යාල වෙත ලබා දී ඇතැයි වාර්තා වේ.
ඇමතිවරයාටත් වාහනයක් භාවිතා කිරීමට සීමා පැනවී ඇති පසුබිමක ඇමති කාර්යමණ්ඩලයට වෙන්වූ විශේෂ වාහන ප්‍රමාණයක් අවශ්‍ය නොවනු ඇතැයි ද එම වාහන අත්‍යාවශ්‍ය ප්‍රාදේශී සෞඛ්‍ය කළමනාකරණ කටයුතු සඳහා යෙදවීමට ඒ අනුව තීරණය කර ඇතැයි ද අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එහෙත් නව රජයේ සෞඛ්‍ය ඇමතිවරයාට සහ නියෝජ්‍ය ඇමතිවරයාට කාර්යය මණ්ඩල සිටින බවත් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා වාහන අවශ්‍ය බවත්, දැනුම් දීමෙන් පසු ඔවුන් සඳහා සෞඛ්‍ය රියදුරන් රාජකාරි කරන වාහන ලබා දීමට ප්‍රවාහන අංශයේ බලධාරීන් කටයුතු කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ඇත්තේ ගාල්කර ඇති කැඩි බිදි ගිය වාහන කීපයක් පමණක් වන අතර අලුත් වාහන කිසිවක් නොමැති බවද පැවසේ.







