ශ්‍රියානි විජේසිංහ –
ඉන්සියුලින් හිඟයක් රට තුළ නොමැති බව අද (29) කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශය බරපතල මුසාවක් බවත්, දියවැඩියාව උග්‍ර වූ රෝගීන්ට ලබාදෙන ද්‍රාව්‍ය ඉන්සියුලින් එන්නත ( Soluble insulin) රෝහල් තුළ නොමැති වීමෙන් දියවැඩියා රෝගින්ගේ ජීවිත දැඩි අනතුරක්ට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග හෙළි කරයි.
දියවැඩියාව උග්‍රවී රෝහල් ගත කරන රෝගින්ට ලබා දිය යුතු Soluble insulin දියවැඩියා එන්නත රෝහල් තුළ නොමැති වීමෙන් මෙම රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
දියවැඩියාව පාලනය කිරිමට අවශ්‍ය ඉන්සියුලින් පෙති හා එන්තත් ලෙස තිබුණද දියවැඩියා උග්‍රවී රෝහල් ගත කරන රෝගින්ට ඉක්මනින් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට අවශ්‍ය ද්‍රාව්‍ය ඉන්සියුලින් (Soluble insulin) නොමැති වීම බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසුවේය.

රෝහල්ගතවන දියවැඩියා රෝගයට ගොදුර වී ඇති සෑම රෝගීන් 08 දෙනෙකුගෙන්ම අවම වශයෙන් රෝගීන් 3- 4 ටම ලබා දිය යුතුව ඇත්තේ ද්‍රාව්‍ය ඉන්සියුලින් එන්නත (Soluble insulin) බවද හෙතෙම පෙන්වාදේ.
කෙසේ නමුත් තත්තවය මෙසේ තිබියදී සෞඛය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේ මාස තුනකට ප්‍රමාණවත් වන පරිදි ඉකුත් අප්‍රේල් 12 වෙනිදා මෙරටට ඉන්සියුලින් ගෙන්වා ඇති බවය.
එළඹෙන සති දෙකක කාලය තුලදී තවත් මාස 2ට ප්‍රමාණවත් ඉන්සියුලින් මෙරටට ආනයනය කරන බවත් ඔහු කීවේය.
ඖෂධ හිගය සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍ය වාර්තා මගින් පළකෙරෙන ඉලක්කම් නිවැරදි නොවන බවද ඇමතිවරයා මෙහිදි පැවසුවේය.







