මනම්පිටිය නිමල් ජයරත්න –
ඓතිහාසික සෝමාවතිය චෛත්‍යය ඇතුළු පුදබිම අද (31) සවස ජලයෙන් යට වීමත් සමග පුදබිමේ වැඩ වාසය කරන සියලු භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව මෙන්ම සියලු අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගෙන තිබෙන බව පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කරමණාකරන සහකාර අධ්යක්ෂ රංජිත් අලහකෝන් සඳහන් කළේය.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය පුදබිම ඇතුළු සෝමවතිය සුංගාවිල මාර්ගය අඩි හයක් පමණ ජලයෙන් යටව පවතින අතර සෝමවතිය පුදබිමේ සිටින භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය සියලු දානමාන කටයුතු මෙන්ම අනෙකුත් අවශ්‍යතා ලබාදීමට පියවර ඇති බවද සහකාර අධ්යක්ෂවරයා වැඩිදුරටත් කීවේය.
රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගුවනින් සෝමාවතිය පුද බිමට පැමිණ එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය වියලි ආහාර මෙන්ම අනෙකුත් අවශ්‍යතා ලබාදීමට පියවර ගත් බවද කීවේය.
මීට අමතරව පුදබිමේ ආරක්ෂාවට සහ භික්ෂූන්වහන්සේගේ පහසුකම් සැලසීමට නාවික හමුදා බෝට්ටුවක් සහිතව නාවික හමුදා කණ්ඩායමක්, සිවිල්ආරක්ෂක බලකාය, මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, ඇතුළු යුද හමුදාවේ හැත්තෑ හත්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බවද ඔහු පැවසුවේය.
මේ වනවිට සෝමාවතිය පුදබිම හතර වටෙන්ම ජලයෙන් යටවී ඇති








