අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෝමවාතියේ අක්කර තුන්දාහක් අල්ලන්න සහය දුන් බලවතිය පැත්තක: විරුද්ධ වූ නිලධාරියාගෙන් නිදහසට කරුණු අසයි

by Lanka Sara Editor
පෙබරවාරි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ඉඩම් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක් පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ ජනතාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සඳහා මැදිහත් වූ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අදාළ අමාත්‍යංශ මෙතෙක් පියවර ගෙන නොමැති අතර බලහත්කාරයෙන් සිදුවූ මෙම අත්පත් කර ගැනිමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යශයේ ලේකම් වරයා විසින් සෝමාවතිය අදාළ ප්‍රදේශය භාර සහකාර වන ජීවී අධ්‍යක්ෂවරයාගෙන් නිදහසට කරුණු විමසා ඇති බව වාර්තා වේ.

මෙම සහකාර අධ්‍යක්ෂවරයා මෙම ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට දැඩි සේ විරුද්ධ වූ පුද්ගලයකු වන අතර ඔහුට මේ විරුද්ධ වීම මත වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්‍ෂිත වැඩපිළිවෙලවල් හා කැළෑ නැවත වගා කිරීම් හා වන සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ දෝෂාරෝපණයට ලක් වීමටද හේතු වී ඇත.

එවැනි තත්ත්වයක් තිබියදි මෙම බලහත්කාරී ක්‍රියාව මෙහෙයවූ පුද්ගලයින් පසෙක තබා ඊට විරුද්ධ වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීම හාස්‍යජනක කරුණක් බවට පත්ව ඇතැයි ලංකාසරට මේ පිළිබඳව කරුණු අනාවරණය කළ වනජීවී ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රාදේශීය ලේකම්වරිය අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් ජාකික වනෝද්‍යානයක මායිම් සලකුණු ඉවත් කිරීම සඳහා ජනතාව පොලඹවා ඇති අතර මෙම ජනතාව මෙසේ වනෝද්‍යානයේ මායිම් ගල් හතරක් පමණක් ඉවත් කර ඇත. මෙම මායිම් ගල් හතරේ වෙනසින් පවා වනෝද්‍යානයේ අක්කර 3000ක් දින දෙකක් තුළ ආක්‍රමණය කිරීමට ජනතාවට හැකි වි ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටේ පවතින නීති කඩමින් සිදු කරන ලද මෙම ක්‍රියාව පසුපස ළහල පෙළේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට වාර්තා වන අතර ඔවුන් මෙයට සෘජුවම සම්බන්ධ නොවී රජයේ නිලධාරීන් හරහා එය සිදු කිරීම ඔවුන්ගේ ක්‍රමෝපාය වි ඇති බව වාර්තා වෙයි.

ඊයේ (18) සහ පෙරේදා (18) සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලිමට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇති බව වාර්තා වන අතර මෙම කමිටුවේ නිර්දේශ මත ඉදිරි කටයුතු සිදුවනු ඇති බව වන ජීවී දෙපාර්තමේනතුවේ ප්‍රකාශකයෙක් ලංකාසර ට පැවසීය.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන – ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා පවසන්නේ
මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම්ගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක පුද්ගලයින් පිරිසක් සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී උත්සාහ දරා ඇත්තේ පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් නීතිවිරෝධී ලෙස අල්ලා ගැනීමයි.

සෝමාවතිය ජාතික වනෝද්‍යානය මහවැලි වනජීවී කලාපයේ පිහිටා ඇති ප්‍රධාන වනජීවී ආරක්ෂිත ප්‍රදේශවලින් එකක්. එය ඉතා වැදගත් වන අලි වාසභූමියක්. ශ්‍රී ලංකාවේ වන අලි ගහණයෙන් සියයට තිහක් (30%) මහවැලි වනජීවී කලාපයේ වෙසෙන අතර, මේ ආකාරයේ අනවසරයෙන් ඔවුන්ගේ නිජබිම් කළහොත්, එය අලි- මිනිස් ගැටුම් අවම කිරීම සහ අලි සංරක්ෂණයට අහිතකර ලෙස බලපානු ඇති. අපගේ ප්‍රකාශිත පර්යේෂණ දත්ත වලට අනුව, පොළොන්නරුව දිවයිනේ දෙවන වැඩිම අලි-ගැටුම් වාර්තාවන දිස්ත්‍රික්කය වන අතර මෙවැනි නීතිවිරෝධී ආක්‍රමණයන් එම දිස්ත්‍රික්කයේ ගැටලුව තවදුරටත් උග්‍ර කිරීමට හේතු වේ. මෑතකදී ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයෙන් අක්කර 2000 ක ඉඩමක් අත්පත් කර ගැනීමට මීට සමාන උත්සාහයක් දැරූ ආකාරය අපට මතකය. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිදුවූ සිදුවීම ද දේශපාලන මැදිහත්වීමෙන් මෙම කලාපයේ වනජීවී ආරක්ෂිත ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ දිගුවක් ලෙස හඳුනාගත හැකියි.

මේ ආකාරයේ වන විනාශයන් රටේ පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ජනාධිපතිතුමන්ගේ දැක්මට පටහැනි බව අපි තරයේ විශ්වාස කරනවා. ආරක්ෂක ලේකම්වරයාත් මෑතකදී ප්‍රකාශ කළේ වනාන්තර ඉඩම් අල්ලා ගැනීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ යම් යම් විෂමාචාරයන් සිදුකර ඇති බව තමා විසින් සොයාගෙන ඇති බවත් එය වැලැක්විය යුතු බවයි. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම්ගේ මෙම අත්තනෝමතික හා අයුක්ති සහගත හැසිරීම එවැනි විෂමාචාරයක්. එය 2009 අංක 22 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතට හා 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට පටහැනි යි. කිසිවෙකුට කිසිදු ජාතික උද්‍යානයකට හෝ අවම වශයෙන් එහි මායිමේ සිට සැතපුමක පරිවාරක කලාපයකට හෝ හානි කළ නොහැකි අතර ජාතික උද්‍යානයක හෝ ඒ අවට යමෙකුට යම් සංවර්ධනයක් කිරීමට අවශ්‍ය නම් එය සිදු කළ යුත්තේ පාරිසරික බලපෑම් තක්සේරුවකට අනුවයි. එබැවින්, මැදිරිගිරිය ප්‍රාදේශීය ය ලේකම්ගේ ක්‍රියාකලාපය අපි තරයේ හෙළා දකිනවා. ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානය සුරක්ෂිත කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියෙමු. එසේ නොවුවහොත් මෙය රටේ වනජීවී ආරක්ෂිත ප්‍රදේශ අනවසරයෙන් අල්ලා ගැනීම සඳහා වැරදි පූර්වාදර්ශයක් විය හැකි අතර වර්තමාන වන විනාශය වඩාත් නරක අතට හැරෙනු ඇති.“ යයි පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්දානන්ද හා ගැටී ලේකම් මේජර් ජනරාල් සුමේධ ඉල්ලා අස්වෙයි…

Next Post

අද කොවිඩ් ආසාදිතයන් 506යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.