සුමිත් පොතුපිටිය
සේවය නිමවා රාත්‍රි නිවසට යමින් සිටී තරුණියක ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථයක් තුලදී සමූහ දූෂණයක් කළ බවට සිදුකළ ප්‍රකාශයක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.
කළුතර ශීක්ෂණ රෝහල් පොලිසිය හමුවේ පානදුර, අළුබෝමුල්ල කුඩා අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක් කළ ප්‍රකාශකයක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සඳහන් වේ.
වින්දිත තරුණිය පානදුර ප්‍රදේශයේ වෙළඳසලක සේවය නිමවා රාත්‍රි නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටී දෙදෙනෙකු හැදුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන ඇති බව තරුණියගේ ප්‍රකාශයේ සදහන් බව පැවසේ.
ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ලොරි රථය දමා ඉදිරිපස අසුනේ තබාගෙන රියදුරු සහ අනෙක් පුද්ගලයා වරින් වර දූෂණයට ලක්කල බවට තරුණිය ප්‍රකාශ ලබාදී ඇතැයි උසස් පොලිස් නිළධාරීයා පැවසීය .
අසාධ්‍ය තත්වයේ පසුවූ තරුණිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, අතවර සිදුකල පුද්ගලයන් නැවත දුටුව හොත් හදුනාගත හැකි බවත් තරුණියගේ ප්‍රකාශයේ සටහන්ව ඇති බවද පැවසේ.
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.