අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේපාල කළ දේශපාලන ව්‍යාපෘතිය ගැන ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බීබීසියට කියති!

දළදා වහන්සේට අපහාස කළ පුදගලයා නිරාගමිකයෙක් නොවන්නේ ඇයි... ධම්මානන්ද හිමියෝ පැහැදිලි කරති....

by editor
ජනවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේවා දේශපාලන ව්‍යාපෘති… මෙච්චරකල් ලජ්ජාවෙන් මූණ වහන් හිටි අයට දැන් බුද්ධාගම බේරගන්න අවස්ථාවක් හැදිලා… පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි!

දළදා මාළිගාවට අපහාස කළ පුද්ගලයා නිරාගමිකයෙක් නොවන බවත්, ඔහු විසින් සිදුකර ඇත්තේ දේශපාලන ව්‍යාපෘතියක් යැයි තමන් විශ්වාස කරන බවත් පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බීබීසි ලෝක සේවය සමග අදහස් දක්වමින් පවසති.  

රට තුළ මෙවැනි ව්‍යාපෘති මතුවන්නේ මැතිවරණ මුවවිට තබාගෙන බව පෙන්වා දෙන උන්වහන්සේ මෙතුවක් කල් එළි බැසිය නොහැකි සේ සැඟවී සිටි දේශපාලකයින්ට දැන් බුද්ධාගම බේරා ගැනීම සඳහා සටන්  කිරීමට එළියට බැසීමේ මාවත නිර්මාණය වී ඇති බව පෙන්වා දෙති.  උන්වහන්සේ දක්වන්නේ මේ ප්‍රකාශ නිසා රට තුළ කැළඹීමක් ඇති නොවන බවත්, සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳ කළ සාෆිගේ සිද්ධිය සේ මැතිවරණයෙන් පසු මෙය හැකිළි යනු ඇති බවය.

ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බීබීසිය වෙත මේ තත්ත්වය පැහැදිළි කරන්නේ  මේසේය.

“නිරාගාමික කියන අදහස දරණ අය ගොඩක් ඉන්නවා. පරම්පරාවක්. නිරාගමික කියන්නේ තමන් ආගමක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් පෙන්වන්නේ නැති අය.”

“මම දකින්නේ මේක තරුණ පරම්පරාව අතරේ නිරාගමික ප්‍රවණතාවට වඩා වෙනස් දෙයක් හැටියට. නිරාගමික කියන අදහස දරණ මිනිස්සු ආගම්වලට විරුද්ධ නැහැ. ඒ විතරක් නෙමෙයි. ලෝකේ ඕන තැනක බලන්න ඒ අය හරි සදාචාර සම්පන්නයි.”
උන්වහන්සේ පෙන්වා දුන්හ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“නමුත් දැන් මේ වෙලාවේ මේක ඊට වඩා වෙනස්. මේවා බොහෝ දුරට මම හිතන්නේ දේශපාලන කාරණා කියලා. බරපතල විදිහට ආගමට හතුරුකම් පෙන්වමින්, බැන වදින පිරිස කරන්නෙත් නිරාගමික ලෙස පෙනී සිටමින් දේශපාලන වැඩපිළිවෙළකට අවශ්‍ය පසුබිම හදන එක. ඒ නිසා මේ වෙලාවේ අත්අඩංගුවේ ඉන්න කෙනා ගැන වුණත් මම හිතන්නේ එයා නිරාගමික කියන පිරිසට අයිති කෙනෙක් හැටියට නෙමේ.”

අපේ රටේ සාමාන්‍යයෙන් බොහෝ දේවල් සිද්ධ වෙන්නේ ඡන්ද එක්ක. මේ වෙලාවේ ප්‍රාදේශීය සභා ඡන්දය එන්න පුලුවන්. එතකොට ආයිත් බුද්ධාගමටයි, අරකටයි මේකටයි. හතුරෝ ඇවිදින්, ඔන්න ඒ පාර බුද්ධාගම බේර ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔන්න අර බුද්ධාගම බේර ගනීමේ වීරයන් සියලූම දෙනාට අවස්ථාව එනවා, මෙච්චර වෙලා ලැජ්ජාවෙන් මුහුණ වහන් හිටපු අයට දැන් ඔන්න එළියට එන්න පුලුවන් බුද්ධාගම බේරා ගන්න. මම දකින්නේ එහෙමයි.”

මෙවැනි ක්‍රියා තුළින් ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය විය හැකිදැයි බීබීසීය කළ විමසීමට පිළිතුරු දෙන පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් කියා සිටියේ “ෂාෆි මව්වරුන් 4000ක් වඳ කිරීම කියන එක ඡන්දයෙන් පස්සේ ඉවර වුණානේ. ඒ නිසා මේකත් මම දකින්නේ එහෙමයි කියලා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යෝජිත විදුලි බිල සංශෝධනයෙන් දුප්පතුන් මත ඇතිකරන පීඩනයේ තරම චම්පික කියයි !

Next Post

ගෙදර නෑ කී ප්‍රධාන සැකකාර සඳගල හොරා ඇමති එක්ක !… ඇමති පුතා බේරාගැනීමේ සැලසුමක් සමග ඔහු CIDයට භාරවිමට සූදානමින්!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.