අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේප්පුවේ තිබූ දැලිවල උරුමය වීදුරු පෙට්ටියකට දාන්න මුල්වෙලා තිබෙන්නෙ හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා

. දැලිවල ලෝක උරුම කරඬු කොල්ලය පසුපස ඉන්නේ විහාර වාසීන්දැයි සැකයක්....

by editor
පෙබරවාරි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැලිවල කොටවෙහෙරේ විශ්ව උරුමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  ලබා දුන් ආරක්ෂිත සේප්පුවලින් ඉවත් කර එළිමහන් මංජුසාවක තැන්පත් කිරීමට මුල් වී ඇත්තේ හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා බව විමර්ශනවල දී හෙළි වී තිබේ.

මෙම කරඬු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත  සේප්පුවල දමා තිබුණා නම් මෙම ව්‍යසනය සිදුනොවන බවත් විමර්ශනවල දි පැහැදිලි වී තිබේ.

වාර්තා වන පරිදි තොරතුරු මෙසේය.

දැලිවල කොටවෙහෙරේ පෞරාණික කරඬු  කොල්ලය සම්බන්ධව මේ වනවිට  සැකකටයුතු සිදුවීම් තුනක් ඔස්සේ විමර්ශන මෙහෙයවමින් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ කොල්ලය පසුපස විහාර වාසීන් සිටින බවට සැක සිතෙන කරුණු ගණනාවක් මතුවෙමින් ඇති බවත්  විමර්ශන ආරංචි මාර්ග කියයි.

කරඬු තැන්පත් කර තිබුණේ ධාතු මන්දිරයේ තිබුණු විශේෂ පීඨිකාවක වූ මංජුසාවක් තුළය. මෙම කරඬුතැන්පත් කිරීමට විශේෂ සේප්පු දෙකක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබුණ ද හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ගේ මැදිහත් වීම මත මෙම විශේෂ වීදුරු මංජුසාව තුළ මෙම කරඬු තැන්පත් කර තිබී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම්වත් වීමකින් තොරව බව හෙළි වී තිබේ.

වෙඩි නොවදින බවත්, කුළුගෙඩි සීයකින් ගැසුවත් නොකැඩෙන බවත් කියා සරත් නන්ද සිල්වා විසින් මාතලේ ප්‍රදේශයේ පුද්ගලයෙක් ලවා මෙම මංජුසාව හදා දුන් බවත් දායක සභාවේ විරෝධය ද නොතකා එහි මෙම කරඬු තැන්පත් කිරීමට විහාරවාසී නායක හිමිනමට බල කර ඇතැයි එම හිමිනම පවසයි.

කෙසේ වෙතත් දැන් මේ කරඬු කොල්ලය සිදුවූ ආකාරය විමර්ශනය කරන විට පෙනී ගොස් ඇත්තේ කරඬු කොල්ලයට පැමිණි පුද්ගලයින් ඇතුළු වී තිබෙන්නේ   කරඬු තැන්පත් කර තිබූ ධාතු මන්දිරයේ ප්‍රධාන දොරටුවෙන් බවය.

එම දොරටුව විවෘත කළ හැකි යතුරු තුනක් තිබී ඇත. එක් යතුරක් තිබී ඇත්තේ නායක හිමියන් සන්තකයේය. අනෙක් යතුර දායක සභාවේත් තුන්වන යතුර කරඬු වෙනුවෙන් තේවාව කරන කපු මහත්මයා භාරයේත්ය.

විමර්ශන අවධානයට යොමුවන අනෙක් කාරණාව විහාරවාසී නායක හිමිනම සිද්ධිය වන දිනයට පෙර දින නුවරඑළිය භාවනා මධ්‍යස්ථානයක නායක හිමියන් බැහැ දැකීමට යෑමය. එහෙත් එදින එම භාවනා මධ්‍යස්ථානයේ හිමියන්  නුවරඑළියේ හිඳ නැති අතර එම හිමිනම  ඉඳ ඇත්තේ කොළඹය.

පන්සලේ  සිට ඇත්තේ පොඩි හාමුදුරුවන්ය.  පොඩි හාමුදුරුවන රාත්‍රී 12.30 වනතුරු ඇහැරී සිටි බවත් ඉන් පසු නිදාගත් බවත් පැවසුව ද එම හිමිනම වැඩිපුරම දුරකථන ඇමතුම් ලබාගෙන ඇත්තේ රාත්‍රී 12.30න් පසුය.

තොරතුරු හෙළිවන ආකාරයට පාන්දර තුන වනවිට තේවාව කරන පුද්ගලයා ධාතු මන්දිරයට ගොස් දොර හැර බලන විට මෙම කරඬු කොල්ලය දැක තිබේ. එසේ නම් මෙම කොල්ලය සිදු වී ඇත්තේ පාන්දර 1 -3 අතරය.

මංජුසාව කැඩීම සාමාන්‍ය උපකරණයකින් කළ නොහැකි අතර ඒ සඳහා විශේෂ තාක්ෂණික උපකරණයක් හෝ රසායනික ද්‍රව්‍යයක් අවශ්‍ය බව පෙනී ගොස් ඇත. වීදුරුව තැලී ඉරි තැලී නැති අතර එක් තැනකින් අත යොමු කළ හැකි ලෙස සිදුරක් සදා  එම සිදුරෙන් අත දමා අත් පොවන මානයේ තිබුණු පෞරාණික කරඬු ටික කොල්ල කා තිබේ.

මෙම සිදුරේ රැඳී තිබුණු රෝම දෙකක් හමුවී ඇති අතර එය පරීක්ෂණ පැවැත්විය හැකි වැදගත් සාධකයක් සේ හඳුනාගෙන ඇත.

සිද්ධිය පිළිබඳ පුද්ගලයින් කීපදෙනෙක්ම ඉදිරියේ දී අත්අඩංගුවට පත්වනු ඇතැයි විමර්ශකයෝ පවසති.

මේ කොල්ල කා තිබුණ පුරාවස්තු අතර  ලෝකයේ විශිෂ්ට ලෙසම සුරක්ෂිතව තිබූ, පෞරාණිකම රන් මුවා දාගැබ් ආකෘතිය ඇතුළු කරඬු අටක් වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේවාලයේ පෞරාණික ගණදෙවි ප්‍රතිමාව අතුරුදහන් කරලා… පුද්ගලයෙක් දේවාලය ඉදිරිපිට උපවාසයක..

Next Post

“නිමල් ලංසා.. මම උඹව කුඩු කරනවා…“ සනත් නිශාන්තගේ හඬ පටයක් එළියට එයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.