අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙවූ ක්‍රිකට් පැටියා හමුවූ පසු ඔහු වෙනුවෙන් කරන්න යන දේ මාලි කියයි…

Malinga shows interest in ensuring a bright future for the young player and urges the public to let him have his own journey to success

by editor
ජූනි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ටම ආවේනික, ඉතාම හොඳ ඉරියව්වකින් ටෙනිස් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කරන පුංචි දරුවා හමුවූ බවත් ඒ දරුවා වෙනුවෙන් කළ යුතු මුල්ම දේ වන්නේ ඔහුව ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩා කරන පාසලකට යොමු කර පළමු අවුරුදු කීපය තුළ ඔහු ක්‍රීඩා කරන ආකාරය සම්බන්ධව අධ්‍යයනය කිරීම බවත් ශ්‍රී ලංකාවෙන් බිහිව් විශිෂ්ටම වේගපන්දු යවන්නෙක් වන ලසිත් මාලිිංග පැවසුවේය.

සිය ෆේස් බුක් ගිනුමේ වීඩියෝවක් නිකුත් කරමින් ලසිත් මාලිංග ප්‍රකාශ කළේ දරුවාගේ දෙමව්පියන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධානම පාසල වූ   සුරංග ලක්මාල් බිහිකළ  දෙබරවැව ජාතික පාසලට ‍යොමු කිරීමට සැලසුමක් ඇති බවත් ඒ සඳහා තමන්ට හැකියාවක් පවතින බව විශ්වාස කරන බවත්ය.

ලසිත් මාලිංග ප්‍රකාශ කරන්නේ මේ කුඩා දරුවා පන්දු යවන්නේ ලසිත් මාලිංග ලෙස නොව, ඊටත් වඩා පහසු ලස්සන සහ වටිනා ඉරියව්වකින් බවය. තවම අප දකින්නේ  මේ දරුවාගේ පන්දු යැවීමේ  ඉරියව්ව පමණක් බවත්,  ඔහුගේ ක්‍රිකට් අනාගතය තින්දු කරනු ඇත්තේ ඔහු ඒ වෙනුවෙන් දක්වන කැපවීම, උත්සාහය සහ නිසග හැකියාව මත බවත් පැහැදිලි කරන ලසිත් මාලිංග ඔහුගේ ගමන ඔහුට යන්නට දී අප පසුපස සිට බලා සිටිමු යන ආයාචනය සමාජයෙන් කරයි.

එසේ නොවුනහොත් මේ නව හැවිරිදි දරුවාගේ අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාව ද විනාශ වියහැකි බව ඔහු පැහැදිලි කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ පන්දු යවන්නව සමාජ මාධ්‍යයෙන් මට හොයලා දෙන්න උත්සාහ කළ හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. ඇයි මම ඒ වීඩියෝ එක ෂෙයා කළේ කියලා මම මුලින්ම කියන්න ඕන.  “

“ඒ වීඩියෝ එක දැක්කට පස්සේ මට මම ක්‍රීඩා කරන්න පටන් ගත්ත කාලේ අවුරුදු 8-10 කාලේ මම කොහොමද ටෙනිස් බෝල් ක්‍රීඩා කළේ, කියලා මට මතක් වුනා.  මට ලැබුණු අවස්ථාවන් එක්ක, මම ක්‍රීඩා කළ විදිහත් එක්ක මම හිතුවා මේ පන්දු යවන්නත් ඔහුට උපතින්ම පන්දු යැවීමේ ඉරියව්වක් සහ හැකියාවක් තියනවා කියලා.

“ඒ වීඩියෝ ක්ලිප් එකේ ඔහු පන්දු යවන්න පටන් ගන්න විදිහ, දුවගෙන එන විදිහ, පන්දු යවන්න කලින් ජම්ප් කරන විදිහ, පිටිපස්ස කකුල ලෑන්ඩ් කරන විදිහ, ෆලෝ ත්රූ කරන විදිහ පිතිකරුවා දෙසට   ඔහුගේ ඔළුව යොමු කරන විදිහ මා දැක්කා. “

“ මේ හැම දේම කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නැතිව ඔහුට ටෙනිස් බෝල් ක්‍රීඩා කරන ගමන් ලැබුණු දෙයක්. ඒ වගේ දක්ෂතාවයක් හැකියාවක් හරි අමාරුයි කිසිම පුහුණු කරුවෙකුට පුහුණු කරන්න. ඒක බොහොම ස්වභාවික විදිහට ඔහුට ලැබිලා තියනවා. ඒකට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නෙ ඔහු ටෙනිස් බෝල ක්‍රීඩාව”.

“මට තවමත් මතකයි ඒ වගේ කුඩා කාලයකදි රත්ගම අපි සෙල්ලම් කරනකොට    ලෙදර් බෝලයක් ලැබෙන්නෙ නැතිව,   ලැබෙන ටෙනිස් බෝලයෙන්  කොයි වෙලාවක හරි  බෝල් කරන්න අවස්ථාවක් එනකම් බලාගෙන හිටපු විදිහ.  ඕනම තාර පරක ඕනම ගල් ගොඩක සෙරෙප්පු දෙක්ක නැතිව පන්දු යවන්න ආසාවෛන් බලන් හිටිය කාලයක් තිබ්බා.

“ඒ වගේ කට්ට කාලා ඕනෑම තැනකට පුලුවන් විදිහට අනුවර්තනය වෙලා ඕනෑම තැනක සෙල්ලම් කරන්න හැකියාව ලබා ගැනීම  උපතින් මෙන්ම  විඳින අත්දැකීම්වලින් ලැබුණු දෙයක්.

මේක මම මේ පොඩි දරුවගෙන් දැක්කා. ඒ දවස්වල මම බලාගෙන හිටියෙ මට කොයිවෙලාවෙද බෝල් කරන්න එන්නේ කියලා. ඒ අවස්ථාවම තමයි මේ පන්දු යවන්නට පන්දු යවන්නට ලැබිලා තියෙන්නේ කියලා මං හිතනවා. ඔහුගේ හැකියා දැකපු හොඳ ඇහැක් තියන කෙනෙක් තමයි මේ වීඩියෝ ක්ලිප් එක අරන් සමාජ මාධ්‍යයට යොමු කරලා තියෙන්නේ.”

“මම ක්‍රීඩකයෙක් ලෙස ඉන්න කාලෙට වඩා මම පන්දු යවන්නන් දිහා බලන විදිහ වෙනස්.   මා පන්දු යවන පොඩි කෙනාගෙන් දැකපු විශේෂත්වය නිසා තමයි මම ඔහුව හෙව්වේ. “

“මට  ඔහුව හම්බවුනා. ඔහුගේ දෙමව්පියන් මට කතා කළා. ඔහු මේ වනවිට ලෙදර් බෝල් ක්‍රීඩාව හදාරන්නේ නෑ. මම තීරණය කළේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ආසානම් ඔහුව ක්‍රිකට් ක්‍රීඩාව කරන්න පුලුවන් පාසලකට යොමු කරන එක. දැන් මම ඒ සම්බන්ධව ඔවුන්ගේ ගෙදර අයත් එක්ක කතා කරලා තියනවා. මම ඇහුවා ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුලුවන් පාසලක් අහල පහල තියනව ද කියලා.

ඔවුන් පැහැදිලි කළා එහෙම පාසලක් තියෙන්නේ සුරංග ලක්මාල් ගිය දෙබරවැව පාසල කියලා. මා ඇසුවා දරුවා ඒ පාසලට යොමු කරන්න පුලුවන් වුනොත් දෙමව්පියන් ලෙස  දරුවා පාසල් යැවීම කළ හැකි ද කියල.  ඔවුන් එය කළ හැකි බවට එකඟ වුනා.

මා බලාපොරොත්තු වෙනවා දරුවා ක්‍රිකට් ක්‍රීඩාව කළ හැකි පාසලකට යොමු කරන්න. එය තමයි පළවෙනි පියවර.

ක්‍රිකට් ක්‍රීඩාවට මුලින් යොමු රකනවා. අප තව දන්නේ නෑ ඔහු ලෙදර් බෝල් ක්‍රීඩා කරන්න  දක්ෂතා දක්වයිද කියලා. දැනට අප දන්නේ ඔහුගේ  පන්දු යවන ඉරියව්ව විතරයි. ඔහු ලසිත් මාලිංග වගේ නොවෙයි පන්දු යවන්නෙ.  ඔහුටම ආවේනික ඉතාම පහසු ලස්සන ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩක් වටින ඉරියව්වකින් තමයි ඔහු පන්දු යවන්නෙ. ලසිත් මාලිංගටත්  වඩා හොඳ පන්දු යැවීමේ ඉරියව්වක් ඔහුට තියනවා කියලා මා හිතනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරලා අපි බලමු ඊලඟ අවුරුදු  3-5 ඔහු ක්‍රීඩා කරන ආකාරය. ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියනව ද කියලා බලමු. ඔහුට පන්දු යැවීමේ හැකියාවක් තියනව ද, ඔහු ඉස්සරහට යනකොට ක්‍රිකට් ක්‍රීඩාවට ආසා කරයි ද කියලා බලමු. එයාගෙ දක්ෂතා ඊට පස්සේ තීරණය කරන්න ඕන.

තවත් සමාජ මාධ්‍ය තුළ අනවශ්‍ය විදිහට ඒ ළමයව භාවිතා කරන්න එපා. ඔහු තව අවුරුදු 09ක ළමයෙක් ඔහුට අධ්‍යාපනය හදාරන්න තියනවා. අධ්‍යාපනයත් එක්ක යන ගමනක් මේක. ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමමිතිකව කරගෙන යන්න අවස්ථාව ලබා දෙන්න ඕන. ඔහුගේ ගහන ඔහුට යන්න දීලා පිටිපස්සේන ඉඳන් බලාගෙන ඉමු.

මාලිංග ඉල්ලුවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්වීඩනයේ ලිංගික ශූරතා ප්‍රවෘත්තිය බොරුවක් – ස්වීඩන් ප්‍රවෘත්ති ආයතනයක් කියයි!

Next Post

ඩොලරය අඩුවීමේ වාසිය වැඩිපුරම ගන්නේ ප්‍රධාන පිටි සමාගම් දෙක… පාන් මිල අඩු කරන්න බැරි හැටි බේකරි හිමියෝ කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.