කෝටි 200කට අසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ 54කට ආසන්න ප්‍රමාණයක් සමඟ සෙවනගල දී අඹුසැමි යුවළක් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුම් අංශ තුනේහි නිලධාරි කණ්ඩායමක් විසින් සෙවනගල නුගේගලයාය, කිරිවැව ප්‍රදේශයේදී මෙම වැටලීම කරන්නේ ඉයේ පිලියන්දලදී අත් අඩංගුවට ගත් හරක්කටාගේ සහ ආමි චූටි ගේ මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජලායේ ජාවාරම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් හමුදා බුද්ධි තොරතුරකින් අත් අඩංගුවට ගෙන සිදුකරන විමර්ශනයේ දිගුවක් ලෙසය.
පෙරේදා පිළියන්දල දී අත් අඩංගුවට පත් වන්නේ 41 හැවිරිදි ඕමල්පේ ධම්මික සමන් කුමාර සහ 53 හැවිරිදි කංකානම් ආරච්චිගේ සුජීවය. මෙම අත් අඩංගුවට ගැනීමේ පෙරේදා සිදුවන්නේ ඊට පෙර හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක් සමග අත් අඩංගුවට පත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිදරවු වුන තොරතුරු ප්‍රකාරවය.
සෙවනගලදී ඊයේ අත් අඩංගුවට ගැනුන මෙම හෙරොයින් කිලෝ ග්‍රෑම් 53 නිවසක් ඉදිරිපිට මිදුලේ ප්ලාස්ටීක් ඇසුරුම්වල බහා වළ දමා තිබියදී සොයා ගනු ලැබුවේය. අත් අඩංගුවට ගෙන තිබුණේ එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවලය. අත් අඩංගුවට පත් කාන්තාව පෙරේදා (30) පිළියන්දලදී අත් අඩංගුවට ගත් ඕමල්පගේ ධම්මික සමන්කුමාර නැමැත්තාගේ සහෝදරිය ය.







