විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධික්ෂණයෙන් සූරියවැව කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක යූ.ජී.ඩි. වීරසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.23 වන දින සුරියවැව පොලිස් වසමේ ඒකක 04, රුහුණුපුර, තැලවිල්ල, කෙම්හත පුරාණ විහාරස්ථානයට අයත් පුරාවිද්‍යා රක්ෂිත භූමිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී රක්ෂිත භූමියට අනවසරයෙන් ඇතුල් වී ගල් තලාවේ පිහිටි සෙල්ලිපියට හා ගල්කෙමට හානි සිදු වන ආකාරයෙන් නිධන් වස්තු ලබා ගැනීමේ අදහසින් කැණීම් කරමින් සිටි සූරියවැව හා කොස්ගම ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 21, 24, 36 හා 45 පසුවන පුද්ගලයන් සිවිදෙනෙකු කැණීම් සඳහා යොදාගත් උපකරණ සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සුරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.







