බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුළු සේවිකාවට පහර දුන් කරාපිටියේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අත් අඩංගුවට!

by editor
ජනවාරි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවිකාවකට පහරදුන් බව කියන  කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකාරෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත  පෙරේරා  අද (18) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා මෙම සිද්ධියෙන් පසු ගාල්ලේ පුද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රථිකාර ලබාගනිමින් සිටියදි  අත්අඩංගුවට ගත්බැව් පොලිසිය කියයි.

මේ පිළිබද  බි වාර්තාවක් මගින අධිකරණයට කරුණු වාර්තාකරණ බවද පොලිසිය පවසයි. මෙම පහරදීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද (18) උදැසන කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු හැර සමස්ථ කාර්යමණ්ඩලය විසින් විරොධතාවයක්ද ආරම්භකරණු ලැබිය.

පසුව විරෝධතාකරුවන් විසින් රෝහල් අධ්‍යක්ෂකවරයා මුණගැසී සාකච්ඡාවක්ද සිදුකරණු ලැබීය.  මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් විරෝධතාවය අවසන් කරණ ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා මෙහිදි ඉල්ලිමක් කරණු ලැබිය. ඒ අනුව ආරම්භකළ විරෝධතාවය මේ වනවිට අවසන්ව ඇත.

විශේෂඥ වෛද්‍යවරයා විසින්  සුළු සේවිකාවකට පහරදුන් බවට සදහන් කරමින්  කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ  සේවක සේවිකාවන් පිරිසක් ඊයේ (17) පස්වරුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළදි විරෝධතාවයක නිරතවුහ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙකි කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් ඉකුත් 16 වැනිදින පැවති වැඩවර්ජනයට එක්ව සිටි අතර ඊයේ දින    මෙම විශේෂඥ වෛද්‍යවරයා භාරව කටයුතු කරණ වාට්ටුවේ සේවයට පැමිණ ඇත.

එහිදි විශේෂඥ වෛද්‍යවරයා විසින් වර්ජනය කිරිම සම්බන්ධයෙන් මෙම වාට්ටුවේ කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින්ට දොස්පවරා ඇත.

මේ අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරයා හා කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් අතර උණුසුම් තත්තවයක් ඇතිවි තිබේ. පසුව කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් විසින්  මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා ද  දැනුවත් කොට ඇති අතර පසුව මෙකි සිද්ධිය සමථයකට පත්ව ඇත.

කෙසේවුවද ඊයේ  පස්වරුවේ මෙම සිද්ධිය මුල්කරගනිමින්  විශේෂඥ වෛද්‍යවරයා   සුළු සේවිකාවකට පහරදුන් බව කියමින් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් පිරිසක් විරෝධතාවයේ ආරම්භ කර අද යළි වෛද්‍ය නොවන සෙසු කාර්ය මණ්ඩලත් සමග විරෝධතාවය පවත්වාගෙන ගියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සට්ටැඹියන්  පුහුණුකාර පෝලිමේ… නාමල් ගේ දේශපාලනය ශ්‍රි ලංකා ක්‍රිකට්වල මලගම තීරණය කරන ලකුණු!

Next Post

කච්චතිව් මංගල්ලයට දින නියම වෙයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.