දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ගමන් කළ මෝටර් රථය අද ( 30 ) උදෑසන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක් විම නිසා මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.
මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් නොමැති බව ඔහුගේ පවුලේ උදවිය ප්‍රකාශ කොට සිටියේය.
අධික වර්ෂාව පැවති අවස්ථාවේදි ධාවනය වූ මන්ත්‍රීවරයාගේ වාහනය පාරෙන් ලිස්සා ඉවතට පැන අධිවේගි මාර්ගයේ ආරක්ෂිත වැටක වැදිමෙන් මෙම අනතුර සිදුව තිබේ.