බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුපිරි ඕවරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අමතක නොවන සුපිරි ජයක් අත් කරගනී!

by editor
අප්‍රේල් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුපිරි තරගයකින් පසු ශ්‍රී ලංකා නවසීලන්ත පළමු  විස්සයි 20 තරගය  ශ්‍රී  ලංකා කණ්ඩායම ආනන්දනීය ජයග්‍රහණයක් වාර්තා කළේය. පන්දු ඕවර 20 තුළ දී ශ්‍රී ලංකාව ලබා දුන් ලකුනු 195ක දැවැන්ත ඉලක්කය  හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සම වීමෙන් අනතුරුව යැවූ සුපිරි ඕවරයේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම මේ සුපිරි ජයග්‍රහණය අත් කරගත්තේය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.  පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මුහුණ දුන් පළමු පන්දුවේ දීම දැවී ගියේය.

එහෙත්   වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායම පීඩනයක් නොදී එතැන් සිට ඉනිම ගොඩ නැගුවේය. කුසල් මෙන්ඩිස්   පන්දු 09ක් තුළ හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 25ක් ලැබුවේය.  කාලයකින් කණ්ඩායමට එක් වූ කුසල් ජනිත්  විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පනුද් 45ක් තුළ හතරේ පහර 04ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු  53ක් ලැබුවේය.

කුසල් ජනිත්…

අලංකාරම ඉනිම ක්‍රීඩා කළේ චරිත් අසලංකය. චරිත් පන්දු 41 තුළ හයේ පහර 06ක් සහ හතරේ පහර 02ක් සමගින් වර්ණවත් ලකුණු 67ක් රැස් කළේය.

වනිඳු හසරංග කාලයකින් කැපී පෙනෙන පිතිකරණයක යෙදුනේය. ඔහු පන්දු 11ක් තුළ හයේ පහර 02ක් සමගින් නොදැවී ලකුණු 21ක් ලැබුවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196ක විශාල ඉලක්කයක් නවසීලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.

වීරයාගේ භූමිකාව … චරිත් අසලංක….

ජමේෂ් නීෂාම් නවසීලන්තය වෙනුවෙන් ලකුණු 30කට කඩුළු 02ක් ලැබුවේය. ඇඩම් මිල්නෙ, බෙන්ජමින් ලිස්ටර්, හෙන්රි ෂිප්ලේ,කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

හඹා යෑමට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනාම ලකුණු 03ක් වනවිට දැවී ගියේය.

දිල්ශාන් මධුසංඛ සහ මහීෂ් තීක්ෂණ මෙම කඩුළු දෙක ලබා ගත්හ.

එහෙත් අනතුරුව බිඳවැටුණු ඉනිම නායක ටොම් ලැතම් සහ ඩෙරිල් මිචෙල් විසින් විශිෂ්ට ලෙස ගොඩනැගූහ. ලැතම් පන්දු 16 දී ලකුණු 27ක් ලැබුවේ හතරේ පහර 05ක් සමගිනි.

මිචෙල් හතරේ පහර 05ක් සහ හයේ පහර 03ක් සමගින් පන්දු 44ක දී ලකුණු 66ක් ලැබුවේය.

ඩෙරිල් මිෂෙල් ගේ ඉනිමට බලාපොරොත්තු ගෙනා පිතිකරණය…

මාර්ක් චැම්ප්මන් ලකුණු 33ක්, ජේම්ස් නීෂම් ලකුණු 19ක්, රචින් රවීන්ද්‍ර ලකුණු 26ක් ලැබූහ.

නව වන කඩුල්ල වෙනුවෙන් හෙන්රි ශිපිල් සහ ඉෂ් සෝධි පන්දු 05ක් තුළ ලකුණු 11 රැස්කරමින් තරගයේ ලකුණු ගනන සම කළේය. සෝධි එල්ල කළ හයේ පහර තරගය තීරණාත්මක තැනකට රැගෙන ආවේය.

තරගය විසඳීම සුපිරි ඕවරයට ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය යැවීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් කැඳවනු ලැබුවේ  මහීෂ් තීක්ෂණය.

එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී රැස්කළේ ලකුණු 8ක් පමණි. ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු  9 පන්දු 3ක් තුළදී ලබාගැනීමට ශ්‍පිතිකරණයට පැමිණි  කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක සමත් වූහ. තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබුවේ චරිත් අසලංකය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජය වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට සැරසෙයි !

Next Post

පෝලන්තයේ තිබු ප්‍රවීණයන්ගේ ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරන  15 දෙනාගේම වීසා ප්‍රතික්ෂේප  වෙයි !

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.