බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 සුනාමියට වසර 19යි. උත්තම මනුස්සකම මෙන්ම පාදඩ තිරිසන්කම ද මතුවු මරණයේ දවස…

by editor
දෙසැම්බර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 ලලිත් චාමින්ද –

  • රෝහලේ මළ සිරුරු වල තිබෙන රන් මාලත් කොල්ල කෑවා…

  • සිරුරු කල් තබාගන්න සම්ප්‍රදායික ක්‍රමත් පාවිච්චි කළා…

  • සිරුරු හාරසීයක්‌ හ`දුනා ගන්න බැරිව මිහිදන් කළා…

  • එන් ජී ඕ කාරයෝ සිරුරුවලට නිසි ගෞරව දැක්‌වුවෙ නෑ කියලා ප්‍රශ්න ඇති කළා..

ඒ 2004 දෙසැම්බර් මස 26 වැනිදිනය. ඒ කළු උදෑසන  සුනාමිය  කඩාවැදිමෙන්  මෙරට හතලිස් දහසකට අධික පිරිසක් මියගියහ. පහළොස් දහසකට අධික පිරිසක් තුවාල ලැබුහ. පන්දහසකට අධික පිරිසක් අතුරුදහන් වුහ.

ඇතැමුන්ට සුනාමි  ඛෙදවාචකය දැන් අමතක වී ගොසිනි. එමෙන්ම සුනාමි දළ රළ ඇතැම්හු රන් වතුරක්‌ බවට පත්කරගත්හ. එසමයේ රාජ්‍ය නොවන සංවිධාන අලුතින් බිහි වූයේය. සමහර රාජ්‍ය නොවන සංවිධාන රටේ සුනාමියෙන් විපතට පත් ජනතාවට ලැබුණු මුදල් ගසා කෑහ.

මේ  ඛේදවාචකයේ දී අතිබහුතරයක්‌ වූ මෙරට ජනතාව දැඩි කම්පාවට පත්වූහ. සුනාමියෙන් විපතට පත්වූවන්ට හැකි උපරිම ආකාරයට පිහිට වූහ. ඒ අතර නින්දාසහගත අමනුස්සකම් ද වාර්තා විය.   

ඇතැම් නොමිනිස්‌සු මියගිය අයගේ රන් හාණ්‌ඩ එළිපිටම කොල්ලකෑහ. මේ මහා විපත අයෙකුට කලා නිර්මාණ සඳහා අනුභූතීන් සපයා තිබිණි.  ඇදිවත පමණක්‌ ඉතිරි වූ ඇතැම්හු මේ මහා විපතින් පසු දිරියෙන් නැගී සිටියහ. මිනිස්‌ ජීවිතවල සියලු හැඩතල මේ ව්‍යසනයත් සමග ලෝකයට පෙනෙන්නට වූයේය.

සුනාමි රළ කඩා වැදුණු උදෑසන දකුණේ ජනතාවගේ ප්‍රතිකාර භූමිය වන ගාල්ල කරාපිටිය මහ ඉස්‌පිරිතාලය මළ සිරුරුවලින් වැසී ගියේය. එදා රෝහල පුරා තැනින් තැන මළ සිරුරු ගොඩා ගසා තිබිණි. ඒවා දැකීමට තරම් මගේ දෑස්‌ අවාසනාවන්ත විය.   එදා කරාපිටිය මහ ඉස්‌පිරිතාලය මහා මළගෙයක් වූයේය. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කරාපිටිය රෝහල

සුනාමි විපත වී පැය කිහිපයක්‌ ඇතුළත කරාපිටිය මහ ඉස්‌පිරිතාලයට මළ සිරුර රැගෙන එන්නට විය. එදින දහවල් දොළහ පමණ වන විට රෝහලට රැගෙන ආ මළ සිරුර සංඛ්‍යාව හාරසියයකටත් අධිකය. 

එවකට රෝහල් අධ්‍යක්‍ෂකවරයා වශයෙන් කටයුතු කළ  වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් රෝහල තුළ හදිසි ආපදා තත්ත්වයක්‌ ප්‍රකාශයට පත් කළේය. සාමාන්‍ය නේවාසික රෝගීන් රෝහලෙන් නිදහස්‌ කෙරිණි. ඒ වනවිට රෝහල් බලධාරීන් පත්ව තිබූ බරපතළම ගැටලුව වූයේ මිය ගිය අයගේ අනන්‍යතාවය තහවුරු කරගෙන මළ සිරුරු නිදහස්‌ කරන්නේ කෙසේද යන්නය.

මෙය අධිකරණ වෛද්‍යවරුන්ට මෙන්ම හදිසි මරණ පරීක්‍ෂකවරුන්ටද බරපතළ ගැටලුවක්‌ විය. එදින රෝහලේ හදිසි මරණ පරීක්‍ෂණ පවත්වමින් සිටියේ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලකය.

“ඇත්තටම ඒ දිනය කවදාවත් අමතක වන්නේ නැහැ. මොනවා කරනවාද කියලා හිතා ගන්න බැරිවුණා. මිය ගිය අයගේ ඥාතීන්ගේ අඳෝනා වලින් රෝහල දෙදරුවා. කුඩා දරුවන් විශාල පිරිසක්‌ මිය ගොස්‌ සිටියා. අපට අවශ්‍ය වුණේ මේ මළසිරුරු කඩිනමින් මියගිය අයගේ ඥාතීන්ට හාරදෙන්න. අධිකරණ වෛද්‍යවරු සමග සාකව්ඡා කරලා මළ සිරුරු නිදහස්‌ කිරීම ආරම්භ කළා. අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් තමයි මළ සිරුරු මුදා හැරියේ. දින කිහිපයක්‌ දිවා රෑ නොබලා වැඩකළා.” ඔහු අතීත සිද්ධීන් සිහිපත් කරමින් මා සමග පැවසීය.

බොරුවට අඬ අඬා මිනීවල රන් භාණ්ඩ කොල්ල කෑ අපරාධකරුවෝ

බිඳෙනසුළු ජීවිතයේ සැබෑව කියාදුන් ඒ අඳුරු උදෑසන
දුටු කාලකණ්‌ණිම දර්ශය වූයේ    නින්දා සහගත කොල්ලකරුවන් පිරිසක්‌ද රෝහලට පැමිණ සිටීමය. ඔවුහු මියගිය අය පැළඳ සිටි රන් හාණ්‌ඩ කොල්ලකෑමට උත්සාහ කළහ. සමහර කාලකණ්‌ණින් බොරුවට හඬා වැළපෙමින් අනේ මේ මගේ අම්මා, මේ මගේ තාත්තා සහෝදරයා කියමින් කෑ ගසා  අඬ අඬා  මළසිරුරුවල තිබූ රන් හාණ්‌ඩ ගලවාගෙන ගියහ.

එවකට කරාපිටිය මහ ඉස්‌පිරිතාලයේ රෝහල් පොලිසියේ ස්‌ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස්‌ සැරයන් පී. කේ චන්දදාස මේ අපරාධ පාලනය කිරීමට සෑහෙන උත්සාහයක්‌ ගත්තේය.

“මට මතකයි බෙල්ලෙ රන් ආහරණයක්‌ පැළ`ද ගෙන සිටියදී මියගිය කාන්තාවකගේ ගෙලට අත දමා මාලය කඩා ගන්න එක මිනිහෙක්‌ උත්සාහ කළා. මා මේක දැක්‌කා. ඇත්තටම මට පුදුම වේදනාවක්‌ ආවේ ඒක දැක්‌කම. ඒකට ගහලා එලවා දැම්මා. මේ විදිහට රන් හාණ්‌ඩ කොල්ල කෑමට පැමිණි පුද්ගලයන් කිහිප දෙනකුම එළවා දැම්මා. ඇත්තටම පිරිසක්‌ මේ හොරකම් වලට සංවිධානය වෙලා ඇවිත් සිටියා.” ඔහු මා සමග කීවේය.

අධිකරණ වෛද්‍යවරුන්ගේ සංකීර්ණ වගකීම

මළ සිරුරු නිදහස්‌ කිරීමේ දී අධිකරණ වෛද්‍යවරුන්ගෙන් ද සිදුවූයේ සුවිශේෂි වු කාර්යහාරයකි. කරාපිටිය මහ ඉස්‌පිරිතාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රෝහාන් රුවන්පුර මේ ඛෙදවාචකයේදී ඉටු කරනු ලැබුවේ සුවිශේෂි වූ කාර්යහාරයකි.

ඔහු එදින කොළඹ නගරයේ සිට කරාපිටිය රෝහලට පැමිණියේය. පැමිණි විගස මළසිරුරු නිදහස්‌ කිරීමේ කාර්යට අත ගැසුවේය. මේ නිසා ඛෙදවාචකය වී වසර 19 ගතවන අවස්‌ථාවේ මේ ගැන කථාකිරීමට සුදුසුම පුද්ගලයා විශේෂඥ අධිකරණ වෛද්‍ය රෝහාන් රුවන්පුරය.

වෛද්‍ය රුවන්පුර මේ අතීත ඛෙවාචකය සිහි කරන්නේ මෙසේය.

“ඇත්තටම මේ වගේ අත්දැකීමක්‌ මා ලබලා තිබුනේ නැහැ. පිටකොටුවෙ හා මහබැංකූ බෝම්බ පිපිරීම් වලදිත් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා මා සහහාගි වුණා. මෙතරම් විශාල පිරිසකගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීම ගැටලුවක්‌ වුණා. සුනාමි රළ කඩා වැදි පළමු විනාඩි විස්‌ස ඇතුළත තමයි මේ සියලු දෙනා මිය ගියේ. මළ සිරුරු කඩිනමින් ඔවුන්ගේ ඥාතීන්ට භාර දීම සඳහා අපි පොදු මරණ පරීක්‍ෂණයක්‌ තමයි පැවැත්වූයේ. ඒ වෙනුවෙන් මහෙස්‌ත්‍රාත්වරු පිරිසක්‌ද කරාපිටියට පැමිණ හිටියා.”

“පුළුවන් විදියට මියගිය අයගේ අනන්‍යතාව තහවුරු කරගෙන මළ සිරුරු මියගිය අයගේ ඥාතීන්ට භාර දීමට කටයුතු කළා. අධිකරණ වෛද්‍ය අංශයෙන් තමයි මළ සිරුරු ගණනය කර හඳුනාගෙන ඥාතීන්ට හාර දුන්නේ. පළමු දිනය තුළ මළ සිරුරු විශාල ප්‍රමාණයක්‌ නිදහස්‌ කළා. කොහොම හරි දින දෙකක්‌ තුනක්‌ යන විට මළ සිරුරු 1200 කට අධික සංඛ්‍යාවක්‌ රෝහලට රැගෙන විත් තිබුණා. මේ මළ සිරුරුවලින් 400 ක්‌ විතර හඳුනාගන්න බැරිවුණා. ඒ සියල්ල අපි ඡායාරූපගත කළා. අංකනය කළා.”

“මළ සිරුරු එක උඩ එක උඩ තිබ්බේ නැහැ. එක පෙළට තමයි තිබ්බේ. මේවා නරක්‌ නොවී තබාගැනීමත් අපට ගැටලුවක්‌ වුණා. ඇත්තටම මෙහිදී මේ මළ සිරුරු සුළු එම්බාම් කිරීමක්‌ කළා. පෝමලින් සියයට පහේ ද්‍රාවනයක්‌ හදලා මළ සිරුරුවලට උදේ හවස වත්කළා. මේ නිසා මළ සිරුරු නරක්‌ වුණේ නැහැ. දුර්ගන්ධය අඩුවුණා. ඒ විතරක්‌ නොවෙයි මළ සිරුරු කල්තබාගැනීමේ සාම්ප්‍ර දායික ක්‍රමත් අපි හාවිත කළා.”

දැනටත් අපේ රටේ පැරණි ගම්මානවල මළ සිරුරු කල්තබා ගැනීමට ලුණු පොට්‌ටනියක්‌ මිය ගිය පුද්ගලයගේ උදරය මත තියෙනවා. නමුත් අපට ලුණු සොයා ගන්න බැරිවුණා. කෙසෙල් පතුරු කපලා ඒ මත මළ සිරුරු තිබ්බා. මේ නිසා සිරුරු නරක්‌ නොවී කල්තියාගන්න පුළුවන් වුණා. හඳුනා නොගත් මළ සිරුරු සමූහ වළක මිහිදන් කළා. මේ අයගේ ඡායාරූප අරගෙන තිබූ නිසා ඥාතීන් විශාල පිරිසක්‌ පසුව පැමිණ මළ සිරුරු හදුනා ගත්තා. ඒ ඡායාරුප අපි ප්‍රදර්ශනය කළා. කරාපිටිය රෝහලට රැගෙන විත් තිබූ විදේශිකයන්ගේ මළ සිරුරුත් නරක්‌ නොවී තබා ගැනීමට අපට හැකිවුණා.”

“සමහර රාජ්‍ය නොවන සංවිධාන මළ සිරුරු නීතියට අනුව ඉවත් කළේ නැහැ කියලා ජනමතයක්‌ ගොඩ නගන්න හැදුවා. මානව හිමිකම් කඩ වී ඇති බවට චෝදනා කරන්න හැදුවා. ඇතැමුන් පුද්ගලික අරමුණු ඉෂ්ඨ කරගැනීමට තමයි කටයුතු කළේ. නමුත් කරන්න පුළුවන් උපරිමයෙන් ගෞරවාන්විත ආකාරයට මළ සිරුරු මිහිදන් කිරීමට කටයුතු කළා.”

“මට මතකයි එදා සී. එන්. එන්. මාධ්‍යවේදීන් කණ්‌ඩායමක්‌ කැමරා අටවාගෙන රෝහලේ හිටියා. ඔවුන් සිදුවන හැම දෙයක්‌ම හෙඳින් නිරීක්‍ෂණය කරමින් හිටියේ. පස්‌සේ ඒ මාධ්‍යවේදියා මා ළගට ඇවිත් අපට ස්‌තූති කරලා මළ සිරුරු ඉවත් කිරීම නිසි අයුරින් සිදුවුණා කියලා කීවා. ඇමරිකාවේ කැත්රිනා කුණාටුවෙදිත් මළ සිරුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවට චෝදනා ආවා. නමුත් මේ තරම් විශාල ඛේදවාචකයකදිත් අපට හැකි අයුරින් ඒ කටයුතූ ඉතා වැදගත් විදියට ඉටුකළා.” විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර ඒ අඳුරු උදෑසන මතකය යළි සිහි කළේය. 

මේ ලිපිය  පෙළගස්‌වනු ලැබුවේ කටුක අතීත මතකයයක් පාරවන්නට නොවේ.  මනුෂ්‍ය ජීවිතයේ බිඳෙනසුලු බව යළි සිහිකිරීමටය. මිනිසුන් තුළ සැඟවී ඇති  තිරිසන් අමනුස්‌ස ගතිය මෙන්ම උත්තම මනුෂ්‍ය ස්වරූපය ද එකම සිද්ධියක් හරහා මතුවන ආකාරයේ සංකීර්ණ බව යළි පෙන්වා දීමටය.  අවශ්‍ය නම් ගෙවා දමන ඉතිරි කෙටි ජීවිත කාලය වෙනුවෙන් උගතහැකි අප්‍රමාණ පාඩම් අපේ ජීවිත අත්දැකීම් තුළින්ම ඕනෑ තරම් සොයා ගත හැකි බව ඇති බව ඔබට කීමටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු සෞඛ්‍ය ඇමති  බබා පාට්එකෙන් වහගන්න හදන ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ මග හරින කොටස GMOA පෙන්වා දෙයි! 

Next Post

කළුතර බන්ධනාගාර රැඳවියෙකුට පහර දී ඝාතනය කරලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.