රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරගත වීමේ තීන්දුව ගැන අනාවැකි කී කී යූ ටියුබ්කරුවා වූ සුදත්ත තිලකසිරි සම්බන්ධව විමර්ශන පැවැත්වීම වෙනත් පොලිස් කණ්ඩායමකට භාර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
පවතින තත්ත්වය තුළ වෙනත් පොලිස් කණ්ඩායමක් දමා උක්ත විමර්ශනය කිරීම වඩාත් සුදුසු බව එම දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට යෝජනා කර ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
සුදත්ත තිලකසිරි නැමැති යූ ටියුබ්කරුවා විසින් කළ පුරෝකථනය ගැන එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පාර්ශව කීපයක් විශේෂ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිලි ගොනු කර තිබිණි.
අද මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ නීතඥයින්ගේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසුවේ යූ ටියුබ්කරුවෙක් තමන්ගේ රීච් වැඩි කිරීම සඳහා කරන ලද ප්‍රකාශයක් මත සියල්ලම ගොනු කර චෝදනා කිරීම විහිළු සහගත තත්ත්වයක් බැවින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව.
එමෙන්ම මේ ආකාරයේ පැමිණිල්ලක් දැමීම සම්බන්ධව ජාතික ජන බලවේගය ලෙස තමන් සතුටුවන බව ද ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
ඔවුන් ප්‍රකාශ කළේ එම යූටියුබ් කරුවාගේ ප්‍රකාශය දෙස බලාගෙන මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුව ලියූ බවට ඇඟවෙන ප්‍රකාශ විපක්ෂය විසින් ගෙන ඒම ඉතාම භයානක තත්ත්වයක් බවය.







