සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුදා ගැන පැමිණිලි කරන්න සිරි සමන්තභද්‍ර හිමි මල්වතු මහා නා හිමි හමුවෙයි…

by editor
පෙබරවාරි 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ආණ්ඩුවේ මුදල් හා ආරක්ෂාව ලබමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ යූ ටියුබ් කල්ලියක් රටේ ක්‍රියාත්මක බවත් සුදන්ත තිලකසිරි එහි එක් පුද්ගලයෙකු බවත් සිරි සමන්තභද්‍ර හිමියෝ පවසති.

වැරදි ඇත්නම් වනචාරීන් ලෙස භික්ෂුන් වහන්සේට අපහාස නොකර වැරැද්ද පෙන්වා දිය යුතු බවත් පෙර ආණ්ඩු යටතේ මෙවැනි තත්ත්වක් දක්නට නොලැබුණු බවත් උන්වහන්සේ පැවසූහ.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් ඊයේ (19) බැහැදැකීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ හමුවේ සමන්ත භද්‍ර හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

යු ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යන සුදන්ත තිලකසිරි නැමැති පුද්ගලයා සාවද්‍ය තොරතුරු ගෙන හැර දක්වමින් තමන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කළ බවද පැවසූ සමන්ත භද්‍ර හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීහ.

“අන්තර්ජාලය ඔස්සේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් මඩ ගැසීමට එරෙහිව සුදන්ත තිලකසිරි නැමැත්තට එරෙහිව නීති මගින් කටයුතු කළා. මේ වනවිට ඔහුට  සිතාසි නිකුත් කර තිබෙනවා. මීට අමතරව අතුරු තහනම් නියෝගයක් සහ  වාරණ ආඥාවක් ගත්තා. “

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

“මහා සංඝරත්නය හේතුවක් නොමැතිව අපහාස කරන්න දෙන්න බැහැ. අපි වැරදිනම් අපිට ඒ වැරැද්ද පෙන්වන්න. වනචාරියා කියලා බණිනවා. කහකඩයා කියනවා. කලින් ආණ්ඩු යටතේ මෙහෙම එකක් වුණේ නැහැ. අපි මේකට විරුද්ධයි. විරුද්ධ විතරක් නෙවෙයි මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්න අවශ්‍යය පසුබිම හදනවා. “

“සුදත්ත තිලකසිරිට ආණ්ඩුවෙන් ආරක්ෂාව ලබාදී තියෙනවා. ඒ ආරක්ෂාව ඇතුව තමයි මේ මඩ ගැසීම කරන්නේ. මේ ඔක්කොම අපි අධිකරණයට වාර්තා කළා. මේ වගේ වීඩියෝ 20 කට වඩා තියෙනවා. කොළඹ පැවැත්වෙන සඟ සමුළුවට හාමුදුරුවරු ඔක්කොම සම්බන්ධ වෙන්න ඕන. ඇයි අපිට මේ බොරුවට මඩ ගහන්නේ.”

“මිහින්තලේ කටුසෑය ළඟ පලතුරු කපන්න පොඩි බංකුවක් තියෙනවා. ඒක කඩයක් කියලා නඩුවක් දාන්න ලෑස්තියි. මේ වගේ ඒවා හැම පන්සලකම තියෙනවා. මේවා වැරදි වැඩ. මේවා මධ්‍යස්ථව සාකච්ඡා කරලා විසඳගන්න ඕන දේවල්. මම හිතන්නේ මේවා පළිගැනීමේ චේතනාවෙන් කරන දේවල්. “

“උමංදාවේ රෝහලක් හැදුවා. දිනකට 250 කට ප්‍රතිකාර ලබා දුන්නා. දැන් ඒක වහලා. ගමටම වතුර දෙන්න වතුර ෆල්ටර්ස් හැදුවා. ඒවා වහලා. අපෙන් පළිගත්තම දහස් ගානක් මිනිස්සුනට ඒකෙන් නරකක් වෙනවා. පළිගැනීම් නවත්වලා අපි කරන වැඩට උදව් දෙන්න. අපි ආරම්භ කළ කෘෂිකාර්මික වැඩසටහන නවත්වන්න උත්සහා කරනවා. අපහාස කිරීමට නඩු දැම්මා. අධිකරණය යුක්තිය ලබා දෙයි. “

“ආණ්ඩුවෙන් මුදල් හා ආරක්ෂාව දෙන යූ ටියුබ් කල්ලියක්  භික්ෂුන් වහන්සේ ඇතුළු සමාජයේ වැඩක් කරන අයට පහර ගසාගෙන යනවා. විවේචනය සාධනීය නම් එයට සෙවිය යුත්තේ පිළිතුර මිස මඩ ගැසීම නෙවෙයි. පිළිතුර නැති තැන මඩ නිර්මාණය කරනවා. විවේචනයට සාධනීය සවන් දෙන්න.”

“සුදන්ත තිලකසිරි අධිකරණ තීන්දුවක් විවේචනය කරලා තියෙන්නේ. ඒක අධිකරණයට අපහාස කිරීමක්. ඔහුට ආණ්ඩුව පොලිස් ආරක්ෂාව දීලා තියෙනවා. ඒක හැමෝම දන්නවා. රජය හොඳට වැඩ කරනවා නම් ඇයි එක එක්කනා දාලා මඩ ගස්වන්නේ. අපි සමාජ හා අගමික කාර්යභාරය හරියට ඉටු කරනවා.වැඩ පෙන්වනකොට අපිට මඩ ගහනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්ගේ අත්අඩංගුවට ගැනීම සහ අභිමානය සිඳුන රජ පවුල මත පතිතවුන එප්ස්ටයින් මඩගොහොරුවේ සෙවනැලි

Next Post

මහියංගණ පාරේ බස් රථ දෙකක් මැද සිරවී නෙදර්ලන්ත ජාතිකයෙකු මරුට! ඊයේ දිනය තුළ රිය අනතුරු මරණ 04ක්….

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.