සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීහෙළ ගොතම සිරි සම්බුද්ධ නිකායට එරෙහිව ත්‍රෛනිකායික මහා නායක හිමිවරු නෛතික පියවර ගැනීමට සැරසෙති…

ත්‍රෛනිකායික ලේඛකාධිකාරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මාධ්‍යය අමතමින් මෙම නිකාය සිදුකරන ශාසන විලෝපනයේ ස්වරූපය පහදති...

by editor
අගෝස්තු 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සීහෙළ ගොතම සිරි සම්බුද්ධ නිකාය ශාසන විරෝධී භික්ෂු සංවිධානයක් බවත්  අදාළ ශාසන විරෝධී භික්ෂු සංවිධානය පිහිට වූ කණ්ඩායම මගින් සිදු කරන ධර්ම විනය විකෘතිය ඇතුළු අප්‍රතිකාරී කටයුතු වැළැක්වීම සඳහා ශාසනික හා නෛතික පියවර ගන්නා බවත් ත්‍රෛනිකායික ලේඛකාධිකාරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පවසති.

මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පහමුණේ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි මැදගම ශ්‍රී ධම්මානන්ද, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරි බලපිටියේ සිරි සීවලී, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශ්‍රී සාසනරතන නාහිමිවරු අඟහරුවාදා (19) මල්වතු මහා විහාරයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසූහ.

එහි දී ලේඛකාධිකාරි හිමිවරු ඉදිරිපත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයේ කරුණු ගෙනහැර දක්වමින්  මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරි පුජ්‍ය පහමුණේ සුමංගල නාහිමියෝ මෙසේ පැවසූහ.

“මෙම ශාසන විරෝධී භික්ෂු සංවිධානයේ නියෝජිතයින් මහානායක ධුරය ආදි තනතුරු පිහිටුවමින් සිදු කරන ලැදැයි කියන උපසම්පදා විනය කර්මය එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වංචනික ලෙස රවටා සිදු කරන ලද බවට එකී විහාරාධිපති හිමියන් අප වෙත ලිඛිතව දන්වා තිබෙනවා. ඒ අනුව එම උපසම්පදා  කර්මය සිදුකර තිබෙන්නේ ධර්ම විනය විරෝධීවයි. ශාසනික සම්ප්‍රදාය අනුව එවැනි කටයුත්තක් සිදු කිරීමට නොහැකි යි. මේ ආකාර ළාමක මදවාදයන් ප්‍රවර්ධනය කරන කණ්ඩායම් මගින් ඉදිරිපත් කරන ධර්ම විනය විරෝධී අදහස් පිළිගැනීමෙන් වළකින ලෙසත් එම මතවාදයන් ප්‍රවර්ධනය කිරීම ශාසනික පරිහානියට මෙන්ම මෙරට ස්වෛරීත්වයට හානිකර බවත්  දැනුම් දීමට කැමතියි. “

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ  ඒ සම්බන්ධව මෙසේ කීහ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“ශාසන විරෝධී කටයුතු කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ගතයුතු විනය සහ අධිකරණමය ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ අවස්ථාවල සාකච්ඡා කිරීමෙන් පසුව දැනට බලපැවැත්වෙන විහාර දේවාලගම් පනතේ 41 හා 42 වගන්ති වලට සංශෝධන ගෙන ඒම පිළිබඳව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ මූලිකත්වයෙන්  රජයට දැනුම් දී තිබෙනවා. මේ සඳහා අවශ්‍යය සංශෝධන ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කර අවශ්‍යය නීතිමය බලතල ලබා දෙන්න කියන කාරණය පසුගිය රජයට වගේම වත්මන් රජයටත් ජනාධිපතිවරයාටත් දැනුම් දුන්නා.”

“විනය විරෝධී කටයුතු වල නිරතවන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා එල්ල වන අවස්ථා තිබෙනවා. ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මේ පිළිබඳව කාලයක් තිස්සේ අවශ්‍යය කටයුතු සිදු කළා. මේ අකාර ධර්ම විරෝධී, විනය විරෝධී කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට නොරැවටෙන ලෙස ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිනවා. ත්‍රිපිටත ධර්මය විකෘති කිරිම මගින් විශාල ශාසනික පරිහානියක් සිදු වෙනවා. මේවා වලක්වා ගැනීම තමයි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ උත්සාහය වෙලා තිබෙන්නේ.”

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය බලපිටියේ සිරි සීවලී නාහිමියෝ මෙසේ පැවසූහ.

“අද ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේලා ශාසන අනුලෝමික මත සමාජගත කිරීමට ජනමාධ්‍ය යොදා ගන්නවා. එවැනි ශාසන විරෝධී මත දරන කල්ලි කණ්ඩායම්වලට වඩා ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ගේ උපදෙස් මත ක්‍රියාත්මක ලේඛකාධිකාරි වහන්සේලා ගේ ප්‍රකාශ වලට වැඩි ප්‍රමුඛත්වය ලබා දෙන්ක කියලා ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරන්න කැමැතියි.”

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි පූජ්‍ය අත්තංගනේ ශ්‍රී සාසනරතන නාහිමියෝ අදහස් දක්වමින් මෙසේ කීහ.

“ශාසන විලෝපනය සඳහා කටයුතු කරන යම් යම් භික්ෂූන් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වගේම නිකාය කාරක පාලක සංඝ සභා මගින් ගන්නා තීන්දු තීරණ වලට පටහැනිකව කටයුතු කරමින් සිටිනවා. එම තත්ත්වය ඉවත් කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා.”

ලේඛකාධිකාරී හිමිවරු මාධ්‍යයට දැන්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද බස්නාහිර පළාත තුළ අඛණ්ඩ වර්ජනයක් අරඹයි!

Next Post

අත් අඩංගුවට ගත් දේශබන්දු අද අධිකරණය හමුවට…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.