මහනුවර ධර්මරාජ විද්‍යාලය ට අලුතින් පත් කළ විදුහල්පතිවරයා පත්කොට මාස පහක් ගත වන්නටත් පෙර යළි වෙනස් කිරීමට උත්සාහයක් පවතින බවත් මේ හේතුවෙන් විද්‍යාලයීය පරිපාලනය බිඳ වැටීමේ අවදානමක් උද්ගතව ඇති බවත් අධ්‍යාපන ආරංචි මාර්ග සඳහන් කරයි.
විද්‍යාලයයේ හිටපු විදුහල්පතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසුව රත්නපුර සීවලී ජාතික පාසලේ විදුහල්පතිවරයා නව විදුහල්පතිවරයා ලෙස ධර්මරාජ විද්‍යාලයයට පත් කොට ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය මඟිනි.
එලෙස පැමිණි ඔහු වැඩ බාරගෙන ඇත්තේ පසුගිය ජූලි මස 19වැනිදාය. උත්සවාකාරයෙන් වැඩ භාර ගත් නව විදුහල්පතිවරයා තවමත් පාසලේ දරුවන්ටවත් හඳුනා ගැනීමට අවස්ථාවක් නොලැබෙන්නේ නිසි ලෙස පාසල් පැවැත්වීමට තවමත් සිදුනොවන තත්ත්වයක් තුළය.
ඔහුගේ පත්වීමේ උණුසුම යන්නටත් පෙර මෙම විදුහල්පතිවරයා කොළඹ රාජකීය විද්‍යාලයයේ විදුහල්පතිවරයා ලෙස පත් කිරීමට දේශපාලන අධිකාරියේ බලපෑම් මත මේ වනවිට කටයුතු ආරම්භ වී ඇති අතර එම තත්ත්වය තුළ ධර්මරාජ විදුහලේ පරිපාලනය යළිත් අවිනිශ්චිත බවකට පත්ව ඇති බව එම විද්‍යාලයයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජකීය විද්‍යාලයයට නව විදුහල්පතිවරයකු පත් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ද අද (11) දිනයේ පැවත්වීමට නියමිත බව සඳහන් වේ.







