දිනසේන රතුගමගේ –
යාපනය වලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසලක පිරිමි සිසුන් 72 කගේ සියළු ඇදුම් ගලවා ඔවුන්ව පරීක්ෂා කිරීමට ගුරුවරු පිරිසක් කටයුතු කොට ඇති බවටත් එසේ කිරීම ප්‍රතික්ෂේප කළ ළමුන්ට තාඩන පීඩන එල්ල කළ බවටත් සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් යාපනයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කොට තිබේ.
මෙම පාසලේ 11 වෙනි ශ්‍රේණියේ සිසුන් කීපදෙනෙකු සිරුරේ පච්ච කොටා ඇති බවට ගුරුවරුන්ට ලැබුණු තොරතුරක් මත මේ ක්‍රියාව සිදු කොට ඇතත් ඔවුන්ගේ සිරුරුවල තිබී කිසිදු පච්ච සලකුණක් හමු වී නොමැත.
මේ ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධය පලකොට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කල දෙමව්පියන් මේ සම්බන්ධයෙන් යාපනය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙතද පැමිණිලි කොට තිබේ.







