බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිල්ලර වෙළෙඳාමට එන විදේශීය තෙල් සමාගම් සඳහා අනුමැතිය දුන් මුල් කැබිනට් පත්‍රිකාවේ ප්‍රධාන කොන්දේසි 02ක් අලුත් කැබිනට් පත්‍රිකාවකින් ඉවත් කරගෙන…

by editor
ජූනි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් චීනයේ සයිනොපෙක්, ඕස්ට්රේලියාවේ යුනයිටඩ් පෙට්ට්රෝලියම්, ඇමරිකාවේ ආර් එම් පාර්ක්ස් යන සමාගම්වලට විකිණීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු මස 27 දා  කැබිනට් මණ්ඩලයේ සම්මත කර ගෙන තිබූ ප්‍රධාන  කොන්දේසි තුනෙන් දෙකක්  ඉවත් කර ගනිමින් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර විසින් අලුත්ම කැබිනට් සන්දේශයක් සම්මත කරගෙන ඇති බව වාර්තා වේ.

මෙම සමාගම් සමග ගිවිසුම් අත්සන් කර තිබුණේ ඉහත පළඹු කැබිනට් පත්‍රිකාවේ අදාල කොන්දේසි මත වුවද පසුව එම ප්‍රධාන කොන්දේසි දෙකම ඉවත් කරගෙන එම සමාගම්වලට මෙරට ඛණිජතෙල් වෙළෙඳපොල නිදහසේ  අත්පත් කරගැනීමට ඉඩ දී ඇති බවත් එම කොන්දේසි  ඉවත්කරගැනීම හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක මූල්‍යමය පාඩුවක් සිදුවී ඇති බවත් ඛණිජතෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඒ අනුව එම කොන්දේසි දෙක සම්මත කරගනු ලැබූ බව සැලකීමත්, තෝරාගත් සමාගම් දෙක වෙනුවෙන් ගිවිසුම්ගත වීම සඳහා ආවරණ අනුමැතියක් ලබා දීමත් නව කැබිනට් පත්‍රිකාවෙන් සිදුකර තිබේ.

විදේශ සමාගම් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපල වෙත ගෙන්ව‍ා ගැනීම සඳහා 2023.03.27 දින මුල් වරට සම්මත කරගත් කැබිනට් සංදේශයට අනුව අලුතින් ඉන්ධන වෙළඳපලට හඳුන්වා දෙන සමාගම් තුන ඛණිජ තෙල් විකුණා ලබන ආදායම වසරක් යන තුරු එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් විදේශ ව්යවහාර මුදලකට පරිවර්තනය කළ නොහැකිය වූයේය.

විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විපේසේකර විසින් පසුගිය මැයි 19 වෙනි දින ඉදිරිපත් කරන ලද අංක 17/2023 දරන අමාත්ය මණ්ඩල සංදේශයට ජූලි මස 06 වැනිදා අනුමැතිය ලබා ගනිමින් තෙල් සමාගම් වෙත පැනවූ  එම  කොන්දේසිය ඉවත් කරගෙන ලබන ආදායම් වහාම කිසිදු සීමාවකින් තොරව විදේශ මුදල්වලට පරිවර්තනය කර ගැනීමට ඉඩ ද‍ී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මාර්තු 27 මුල් කැබිනට් සංදේශයේ තිබී ජූනි 06 වෙනි දින කැබිනට් සංදේශයෙන් ඉවත් කර තිබෙන රටට අවාසි සහගත දෙවන කොන්දේසිය වන්නේ මෙම සමාගම් විසින් මෙරට විකුණුම් වටිනාකමින් 1%ක මුදලක් පුරස්කාර (Royalty paymet) වශයෙන් ඛනිජ තෙල් අමාත්යංශයට ගෙවිය යුතු බවට සම්මත කර ගත් කැබිනට් සංදේශයේ තිබූ වගන්තියය. මුදල් පුරස්කාරක ගෙවීම  ඛණිජතෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අදාලවන කොන්දේසියක් නොවන බැවින් නව සමාගම් තරගකාරීව වෙළඳපලට පිවිසීම සඳහා මෙම කොන්දේසිය ඉවත් කරගෙන ඇති බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත්ව තිබූ ඉන්ධන පිරවුම්හල් 450කට වැඩි සංඛ්යාවක් මෙම විදේශ සමාගම් තුනට පවරාදීම ක්රියා කරන අතර විකුණුම් ආදායම් වහාම ඩොලර් බවට පරිවර්තනය කිරීම සහ ඛනිජ තෙල් අමාත්යංශයට ගෙවිය යුතු 1% පුරස්කාරය ඉවත් කර ගැනීම මගින් මසකට ඩොලර් මිලියනයක් පමණ රටට අහිමි වෙන බව ගණන් බලා ඇත.

කෙසේ වෙතත් විදේශීය සමාගම්  රට තුළ ඉන්ධන විකුණා ලබා ගන්නා ආදායම සිය මව් රටවලට ප්‍රේෂණය කිරීම ඉන්ධන ආනයනයක කර රටට ගොඩබෑ දිනයේ සිට මාස 12ක් යනතුරු නොහැකි බවට පනවා ඇති කොන්දේසිය ඒ ලෙසම පවත්වා ගත යුතු බව මහ බැංකුව දී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් දැඩි උණුසුම නිසා දින 2කදි 34ක් මිය ගිහින්

Next Post

කුරුන්දිය ලොකු ද?… ජනාධිපතිවරයා ඇසූ ප්‍රශ්නයට උත්තරයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.