ශ්‍රියානි විජේසිංහ –
මේ දිනවල සිරිපා කරුණාකරන විශේෂයෙන්ම විවිධ විවිධ රෝග සඳහා ඖෂධ ලබා ගන්නා බැතිමතුන් අතර මුත්‍රාකාරක ඖෂධ ලබා ගන්නා අය වඩාත් සැලකිලිමත් විය යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක දැනුම් දී සිටියි.
දියවැඩියා, අධිරුධිරපීඩනය සහ හෘදයාබාධයන් සඳහා ලබා දෙන ඇතැම් ඖෂධ හේතුවෙන් මුත්‍ර පිටවීම වැඩිවීමක් සිදුවන බැවින් හා අධික උෂ්ණත්වය හේතුවෙන් දහ ඩිය පිටවීම නිසා විජලනයට ලක්වීමට ඇති ඉඩ කඩ වැඩි බවත් මේ දිනවල සිරිපා කරුණා කරන රෝගී වයෝවෘද්ධ පිරිස් වඩාත් කල්පනාකාරී විය යුතු බවත් විශේෂඥවරයා පෙන්වාදේ.
අව්වෙන් ආරක්ෂා වීම සඳහා යැයි පවසමින් වේගයෙන් සිරිපා කරුණා කිරිමට යාමෙන් තාප විඩාව වැඩිවීමට හේතුවක් විය හැකි බවද වෛද්‍ය ගුණතිලක කියයි.
මේ හේතුවෙන් සැදෑ කාලයේ හෝ රාත්‍රී කාලයේදි සිරිපි කරුණා කිරීමෙන් තාප විඩාව සන්සිදුවා ගැනීමට හැකි බවද ඔහු කියයි.
ඇස් ආරක්ෂා කර ගැනීමට අව් කණ්නාඩියක් පැළඳිය හැකි නම් සුසුදු බවත් තෙත ගන්වන ලද සාළුවක් හෝ පැනල් වැනි රෙදි කැබැල්ලක් ළඟ තබා ගනිමින් ඇගේ උෂ්ණත්වය පාලනය කර ගැනීම සුදුසු බවත් වෛද්‍යවරයා කියයි.
තේ, කෝපි සහ මත්පැන් වැනි පානයන්ගෙන් ඈත් වීම අනිවාර්යෙය්නම කළ යුතු බවත් සුදු පැහැති කපු ඇදුම් අදීම සුදුසු බවත් විශේෂඥවරයා පෙන්වා දෙයි.







