වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරන බව දන්වමින් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබේ.
මෙම නිවේදනය නිකුත් කරන්නේ විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ද පසුගිය 21 වනදා ප්‍රකාශ වී ඇති පසුබිමකය.
විදුලිය හා බැඳුන සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක එම ගැසට් නිවේදනයට අත්සන් කර තිබිණි.
කෙසේ වෙතත් කුමණ බාධක පැමිණිය ද සාධාරණ විසඳුමක් නොලැබුනහොත් සියලුම වෘත්තීය සමිති සමග සාකච්ඡා කර හෙට (24) විදුලි ක්ෂේත්රයේ වැඩ වර්ජනයක් සිදුකරන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය ඊයේ දැනුම් දී ඇත.
මේ ලිපියත් කියවන්න.







