අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිකුරාදා ප්‍රහාරය නිසා අයි.එම්.එෆ් ණයත්  නැතිවීමේ   අවදානමක් ! – මූල්‍ය විශේෂඥවරියක් අනතුරු අඟවයි

by editor
ජූලි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සිකුරාදා දිනයේ ගාලු මුවදොර අරගලකරුවන්ට රාජ්‍ය හමුදා යොදවා සිදු කළ පහරදීම   ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දීමට සැලසුම් කරන ණය සහනය කෙරෙහි  සෘජුවම අහිතකර ලෙස බලපාන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වයට හේතු වන්නේ ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා පිළිබඳව සෙනෙට් කාරක සභාව ශ්‍රි ලංකාවට ණය සහන ලබා දෙන්නේ නම් සම්පූර්ණ කළ යුතු බවට ඉදිරිපත් කර ඇති කොන්දේසි තුන සිකුරාදා ප්‍රහාරය ඔස්සේ  කඩවීම  බවත් මේ වනවිටත් එම සෙනෙට් සභාව මේ ගැන දැඩි අවධානයක් යොමු කර ඇති බවත් ආයතනික බැඳීම් හේතුවෙන් නම හෙළි කළ නොහැකි ඇමෙරිකානු මූල්‍ය විශේෂඥවරියක් ලංකාසරට අනාවරණය කළාය.

ඇයට අනුව  ආර්ථික අර්බුදය  හේතුවෙන් ණය සහනයක්  අපේක්ෂා කරන ශ්‍රි ලංකාව වෙත  එම ණය  සහනය ලබා දීමට නම් මූලික කොන්දේසි තුනක් සපුරාලිය යුතු බව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට  ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා පිළිබඳව සෙනෙට් කමිටුව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

හමුදා ආක්‍රමණය…

එම කමිටුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ   සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, ශක්තිමත්  දූෂණ විරෝධී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම  සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම  ශ්‍රී ලංකාව විසින් අනිවාර්යයෙන් කළ යුතු බවය.

එය එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකාවට ලබා දෙන  ණය ඵලදායක නොවනු ඇති බවත් රට තවදුරටත් අර්බුදයකට තල්ලු වනු ඇති බවත් එම සෙනෙට් කමිටුවේ සභාපති සෙනෙට් සභික බොබ් මෙන්ඩොසස්  පවසා ඇත.  ඔවුන් මෙම කොන්දේසි පිළිබඳව යෝජනා ඉදිරිපත් කර ඇත්තේ මෙම මාසයේ මුල් සතියේදී බව සඳහන් වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එම කොන්දේසි ඉදිරිපත් කළ ඇමෙරිකානු විදේශ සම්බන්ධතා පිළිබඳව සෙනෙට් සභාව  ඊයේ සිය නිල ටිව්ටර් ගිණුම හරහා පනිවිඩයක් නිකුත් කරමින් සිකුරාදා අලුයම ශ්‍රි ලංකාවේ සාමකාමී අරගලකරුවන්ට ශ්‍රි ලංකා ආරක්ෂක හමුදා භාවිත කරමින් සිදු කළ හිංසනය බියකරු එකක් බව පවසා එය හෙලා දැක ඇත.

Horrified by Sri Lankan security forces' violent crackdown on protesters last night. I encourage President @RW_UNP to engage with the Sri Lankan people's democratic aspirations, work toward economic stability & address widespread need. Human rights must be protected above all. https://t.co/bXmtFPfYFi

— Senate Foreign Relations Committee (@SFRCdems) July 22, 2022

 

එම සෙනෙට් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත අවධාරණය කර ඇත්තේ රටේ ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බලාපොරොත්තු වෙනුවෙන් කැප වන ලෙසත් ආර්ථික ස්ථාවරත්වය ඇති කරලීම සඳහා ක්‍රියා කරන ලෙසත්ය.

හමුදා පහර කෑමට ලක්වූ තරුණයෙක්…

මේ සියල්ලට ඉහළින් රටේ ජනතාව ගේ මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බව මෙම සෙනෙට් කමිටුව සිය නිල පනිවිඩයෙන් අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිටත් රටේ දේශපාලන ස්ථාවරත්වය සහ මානව හිමිකම් ඇතුළු  යහපාලන ප්‍රතිපත්ති පිළිබඳව  අවධානය යොමු කරමින් සිටින පසුබිමක් තුළ ඇමෙරිකානු සෙනෙට් සභාවේ කමිටුවක් විසින් මතු කරන ඉල්ලීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ඇතැයි පවසන මෙම මූල්‍ය විශේෂඥවරිය මේ පිළිබඳව ශ්‍රි ලංකා රජය දැඩි සේ අවධානය යොමු කළ යුතුව  ඇති බව අවධාරණය කළාය.

මීට අමතරව ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිවූහගත කිරීම සම්බන්ධයෙන් එකඟතා ඇති කර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ලබා ගැනීමට පූර්ව කොනදේසියක් ව ඇති පසුබිමක් තුළ අදාළ ණය හිමි රටවල් යම් සහනයක් ලබා දීමට සූදානම් ව සිටියද එහිදී රටේ යහ පාලන මානව හිමිකම් , දූෂණ විරෝධී ප්‍රතිපත්ති පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ඇති බවත් ඊයේ ප්‍රහාරයත් සමඟ ඔවුන් මේ වනවිට පළ කර ඇති අදහස්වලින් ශ්‍රි ලංකාව සහ වර්තමාන රජය පිළිබඳව අනපේක්ෂිත අප්‍රසාදයක් මතුව තිබීම අභියෝගයක් විය හැකි  බවද  එහිදී අනතුරු ඇඟවීමක් කළාය.

Share69Tweet43
Previous Post

ඩලස්ට ඡන්දය දුන් 28ක් පොහොට්ටුවෙන් කැඩෙයි… සජබෙ 05ක් ඔවුන් සමග….

Next Post

කළු ජූලියට වසර 39යි… ජූලිය තවමත් කළුයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.